ක්‍රි.පූ. 3500 දී පමණ අහඹු සොයා ගැනීමකි. මෙහි ඇති විශිෂ්ටත්වය නම් පාරදෘශ්‍ය වීමත් රසායනිකව ප්‍රතික්‍රියා නොකරන සුලු වීමත් පහළ උෂ්ණත්වයක දී මෘදු කර අවශ්‍ය හැඩ ලබා දීමට හැකි වීමත් ය. වීදුරු නිෂ්පාදනය, කාර්මික විප්ලවයෙන් පසුව බොහෝ නිර්මාණ සංවර්ධනයට හේතු විය. වාහන සඳහා ද ගොඩනැඟිලි සඳහා ද භාජන තැනීමට මෙන් ම නොයෙක් නිර්මාණ සඳහා වීදුරු යොදා ගනියි. වීදුරු කාච නිෂ්පාදනය වීමත් සමඟ කැමරා, දුරේක්ෂ, අන්වීක්ෂ, ඇස් කණ්නාඩි ආදී නිර්මාණ බිහිවීමෙන් විද්‍යාවේ නව පෙරළියක් ඇතිවිය. මේ අනුව වර්තමානයට අත්‍යවශ්‍ය තාක්ෂණික සොයාගැනීමක් ලෙස වීදුරු හඳුන්වාදිය හැකි ය.
ඉහත සාකච්ඡා කළ තාක්ෂණවේදයේ හැරවුම් ලක්ෂ්‍ය අනුව මිනිසා එදිනෙදා පරිහරණයට ගන්නා භාණ්ඩ, උපකරණ හා යාන වාහන විවිධ අවශ්‍යතා අනුව වෙනස්කම් වලට බඳුන් වේ.
එහි මුල් ස්වරූපයේ සිට අද පවතින ස්වරූපය දක්වා නවීකරණය වී ඇති ආකාරය පහත රූප සටහන් තුළින් පැහැදිලි වේ.