ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ශීඝ්‍ර සංවර්ධනයට සිමෙන්ති ඉතා විශිෂ්ට සොයා ගැනීමක් විය. පෝට්ලන්ඩ් නමින් හඳුන්වන සිමෙන්ති සොයාගනු ලැබුවේ ඇමරිකානු ජාතික ජෝන් ස්මිටන් ය. ඒ ක්‍රි.ව. 1756 දී ය.
එතෙක් ඉදිකිරීම් කටයුතු හුණු බදාම මඟින් සිදු කෙරිණි. මහල් නිවාස තැනීමේ දී ලෑලි යොදා ගැනුණි. වර්තමානයේ උස් ගොඩනැගිලි, පාලම්, වේලි, ගුවන් පාලම් ආදිය තැනීමේ දී සිමෙන්ති විශාල වශයෙන් යොදා ගැනේ. කොන්ක්‍රීට් යොදා ගනිමින් කෙරෙන ඉඳිකිරීම් ද බහුල ය.