සද්ධාතිස්‌ස ක්‍රි.පූ. 137-119
 

ක්‍රි.පූ. 137-119
අගනගරය - අනුරාධපුරය- (පා.කා. අවු. 10 යි)


දුටුගැමුණු රජුගේ මරණින් පසු ඔහුගේ සහෝදර වූ තිස්‌ස කුමාරයා රජකමට පැමිණියේය. හෙතෙම ශ්‍රද්ධා සම්පන්නව බොහෝ පුන්‍යකර්මයන් කළ බැවින් සද්ධාතිස්‌ස යන නමින් ප්‍රසිද්ධ විය. මේ රජ තෙමේ රුහුණු ජනපදය ආණ්‌ඩුකරණ කාලයේ දී මඩකලපුවේ දිගාවැව ආදී වැවී කීපයක්‌ ද මාතර මුල්ගිරි විහාරය ද කරවූයේය. අනුරාධපුර රාජ්‍යයට පැමිණි පසු රන්මැලි දාගැබේ වැඩ නිම කෙළේය. මේ රජහට ලදැතිස්‌ස, තුලුනය, කලුන්නාය, වළගම්බාය යන පුත් කුමරුවෝ හතර දෙනෙක්‌ වූහ.

(c) Shilpa Sayura Foundation 2006-2017