සංගෘහිත පරිපථය - (Integrated circuit)
 

ජර්මන් ජාතික වර්නර් ජැබ්කෝ, 1949 දී ප්‍රථම සංගෘහිත පරිපථය නිර්මාණය කළේය. මෙය ට්‍රාන්සිස්ටර් සහ අනෙකුත් විදුලි සංචරක විශාල සංඛ්‍යාවක් එක් කර තැනූ පරිපථයකි. මේ නිසා ඉලෙක්ට්‍රොනික උපකරණ ඉතා කුඩාවට නිපදවීමේ හැකියාව ලැබී තිබේ.

වෑල්ව හා ට්‍රාන්සිස්ටර් භාවිතයෙන් නිමැවූ පරිගණක ඉතා විශාල ඉඩක් ගත්ත ද සංගෘහිත පරිපථ භාවිත වන වර්තමානයේ පරිගණක ක්‍ෂූද්‍ර මට්ටමට පත් ව ඇත. මෙය ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ විශාල පෙරළියකි.

(c) Shilpa Sayura Foundation 2006-2017