ට්‍රාන්සිස්ටරය - (Transistor)
 

ක්‍රි.ව. 1947 දී ඇමරිකානු ජාතික විලියම් ෂොක්ලි, ජෝන් බාර්ඩින් සහ වෝල්ටර් බැටෙන් යන විද්‍යාඥයන්, ට්‍රාන්සිස්ටරය සොයා ගත්හ. අනතුරුව ජංගම ගුවන් විදුලි උපකරණ නිෂ්පාදනය ඇරඹුණු අතර එවැනි යන්ත්‍ර අඩු ශක්ති ප්‍රමාණයකින් ක්‍රියා කරවීමට හැකිවිය. වෑල්ව ප්‍රමාණයෙන් විශාල නිසා එම යන්ත්‍ර එහා මෙහා ගෙනයාම අපහසු විය.

නමුත් ට්‍රාන්සිස්ටර ප්‍රමාණයෙන් කුඩා වීම නිසා ට්‍රාන්සිස්ටර භාවිත යන්ත්‍ර ද කුඩාවට නිපදවිය හැකි විය. වෑල්ව ක්‍රියාකාරිත්වයට තාපන මූලාවයවයක් යොදා ගන්නා මුත් ට්‍රාන්සිස්ටර් ක්‍රියාකාරිත්වයට එවැන්නක් අවශ්‍ය නොවීමෙන් ඉතා අඩු ශක්ති වැය වීමක් දැකිය හැකි වෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017