ක්‍රි.ව.1904 දී බ්‍රිතාන්‍ය ජාතික ජෝන් ඇම්බ්‍රොස් ප්ලෙමින් නැමැත්තා ඉලෙක්ට්‍රෝනික වෑල්වය නිපදවීය. ගුවන් විදුලි යන්ත්‍ර නිපදවීමට වෑල්වයේ බිහිවීම ප්‍රබල හේතුවකි. වෑල්ව මඟින් විදුලි සංඥාවක් වර්ධනය කරගැනීමේ හැකියාව පවතී.
වෑල්ව යොදා ශබ්ද විකාශන යන්ත්‍ර නිෂ්පාදනය වීම හා ඒවා භාවිතයෙන් සන්නිවේදනයේ පුළුල් වෙනසක් ඇතිවිය. එයින් තොරතුරු විකාශනය සඳහා එතෙක් භාවිත කර තිබූ පණිවුඩ ගෙන යාමේ ක්‍රමය අභාවයට පත් විය.