1879 දී ඩේවිඩ් හියුස්, රැහැන් රහිත සන්නිවේදන ක්‍රමය සොයා ගැනීමෙන් පසු ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් ක්‍රි.ව. 1880 දී රැහැන් රහිත ව ගුවන් විදුලි තරංග විකාශනය කළේය. මෙයින් පසු ගුවන් විදුලි යන්ත්‍ර බිහි වූ අතර සන්නිවේදන තාක්ෂණවේදයේ විශාල වෙනසක් සිදුවිය.
මේ සොයා ගැනීම හේතුවෙන් රැහැන් භාවිතයේ දී මෙන් නොව වඩාත් පහසුවෙන් බොහෝ දුරකට සන්නිවේදනය කිරීමේ හැකියාව ලැබිණි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස අභ්‍යවකාශ තරණය හා චන්ද්‍රිකා තාක්ෂණය වැනි විෂය ක්‍ෂේත්‍ර නිර්මාණය වූවා පමණක් නොව අභ්‍යවකාශයේ රැඳ වූ සන්නිවේදන චන්ද්‍රිකා මඟින් මුළු ලෝකයම ආවරණය වන පරිදි සන්නිවේදන කටයුතු සිදුකිරීමේ හැකියාව ලැබිණි.