විදුලි බුබුළ - (Filament bulb)
 

1880 දී පමණ තෝමස් අල්වා එඩිසන් විසින් විදුලි බුබුළ නිපදවීමත් සමඟ විද්‍යූත් ශක්තිය ආලෝක ශක්තිය බවට පරිවර්තනය කිරීමෙන් ආලෝකය ලබාගැනීම ආරම්භ විය. මෙම නිෂ්පාදනයත් සමඟ මේ වන විට සාමාන්‍ය ජන ජීවිතය පමණක් නොව දෛනික කාර්ය කාල සටහන් පවා වෙනස් වී ඇති බවක් පෙනෙයි.

කර්මාන්තශාලාවල ආලෝක අවශ්‍යතා සපුරා ගැනීමෙන් නිෂ්පාදන ක්‍රියාවලිය ද සීඝ්‍ර විය. ආලෝකය සඳහා එතෙක් භාවිත වූ ඉටි හා තෙල් වැනි ඉන්ධන මඟින් පිටවන දුමාරය ද නොවීමෙන් විශාල පහසුවක් විය.

(c) Shilpa Sayura Foundation 2006-2017