එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට විදුලි ආරෝපණ ගලායාම විදුලිය සන්නයනය වීම ලෙස හඳුන්වයි. ක්‍රි.ව. 1733 දී බ්‍රිතාන්‍ය ජාතික ස්ටෙෆන් ග්‍රේ විසින් සන්නායක තුළින් විදුලිය ගලායන බව සොයා ගන්නා ලදී. එදායින් ඇරඹි විදුලිය ගලායාමේ භාවිතය වර්තමාන බොහෝ නිෂ්පාදනවල බිහිවීමට හේතු විය.