මුද්‍රණ කලාව
  ක්‍රි.ව. 1000 දී පමණ චීනයේ ආරම්භ වූ මුද්‍රණ කලාව පසුව ජර්මන් ජාතික ජොහැන්නස් ගුටන්බර්ග් ක්‍රි.ව. 1440 වන විට ප්‍රථම මුද්‍රණ යන්ත්‍රය නිපදවිය. එයින් අකුරු අමුණා පිටපත් කිරීමේ හැකියාව ලැබුණු අතර මේ වන විට සන්නිවේදන ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය තාක්ෂණයකි.

මුද්‍රණ තාක්ෂණය හඳුන්වා දීම නිසා පොතපත මුද්‍රණයට මඟ පෑදුණා සේම එය දැනුම බෙදා හැරීමේ මාධ්‍යයක් බවට පත්විය. මෙය විද්‍යාව දියුණු වීමට පිටුවහලක් විය.
(c) Shilpa Sayura Foundation 2006-2017