රෝදය - (Wheel)
  අතීතයේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඇදගෙන යෑම, කරමතින් ගෙන යෑම හා සතුන් පිට පටවාගෙන යෑම වැනි ක්‍රම භාවිතයට ගෙන ඇත. මෙහි අපහසුතා හා ගැටළු මත ඒවා පහසුවෙන් ගෙනයාමට ක්‍රමෝපායන් සෙවීමට මිනිසා යොමුවිය.

ක්‍රි.පූ. 3500කට පමණ පෙර ඉරාක වැසියන් රෝදය භාවිත කර ඇති බවට අතීත සාක්ෂි වලින් පෙනී යයි. එයින් ප්‍රවාහන තාක්ෂණයේ විශාල වෙනසක් සිදුවිය. වර්තමාන රෝදයේ තාක්ෂණික යෙදවීම් රාශියකි. යන්ත්‍ර නිර්මාණයේ දී විවිධ තාක්ෂණික ක්‍රියාකාරකම් සඳහා දැති රෝද, කප්පි හා ජල රෝද යොදා ගනී.
(c) Shilpa Sayura Foundation 2006-2017