ගින්දර - (Fire)
 

ගින්දර භාවිතයේ ආරම්භය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවයයි. අමු මස් හා ඵල වැල ආහාරයට ගෙන ජීවත් වූ සතුන් අතරින්, මිනිසා ආහාර පිසීමට යොමුවුණේ ගින්දර සොයා ගැනීමෙන් පසුවය. ගින්දර මඟින් උපදවා ගන්නා තාපය අතීතයේ සරල කාර්යයන් ඉටු කරගත්ත ද මේ වන විට ඉන්ධන දහනය මඟින් උපදවා ගන්නා තාපය, බලශක්තියක් බවට පත් වී ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017