තාක්‍ෂණවේදයේ විකාශය
  Watch Youtube
තාක්‍ෂණයේ විකාශය

ප්‍රාග් ඓතිහාසික යුගයේ සතුන් දඩයම් කර ගැනීම, ආහාර සකසා ගැනීම වැනි මිනිසාගේ දෛනික අවශ්‍යතා ඉටු කරගැනීමට සරල ශිල්පීය ක්‍රම කීපයක් ඉවහල් කරගත් නමුත් වර්තමාන මිනිසාගේ දෛනික කටයුතු පහසුවෙන් කර ගැනීමට බොහෝ සෙයින් තාක්ෂණය ඉවහල් කරගනී.

ඈත අතීතයේ පටන් අද දක්වා වූ කාලය, තාක්ෂණයේ භාවිතයන් හා සංස්කෘතික පරිවර්තනයන් පදනම් කරගෙන විවිධ යුගවලට වෙන් කෙරේ.

* ගල් යුගය

* එඬේර යුගය

* කෘෂි කාර්මික යුගය

* කාර්මික යුගය

* තොරතුරු තාක්ෂණ යුගය

මෙම යුග අතරින් කාර්මික විප්ලවය ලෙස හැඳින්වෙන යුගය හා දෙවන ලෝක යුද්ධය පැවති වකවානුව විශේෂයෙන් සඳහන් කළ යුතුය. මන්ද? ඉහත යුගවලට සාපේක්ෂව ඉතා කෙටි කාලයක් තුළ තාක්ෂණික සංවර්ධනයේ විශාල ප්‍රගතියක් ඇති වූ බැවිනි.
(c) Shilpa Sayura Foundation 2006-2017