පොළොන්නරු යුගයේ සිට ම රජ, බමුණු, වෙළෙඳ, ගොවි යනුවෙන් කුල කිහිපයකට සමාජය බෙදී තිබුණි. එසේම මෙකල සමාජයේ විවිධ රැකියාවන්ට අනුකූල ව බෙදී ගිය කුල ක්‍රමයක් පැවැති බව සාහිත්‍ය මූලාශ්‍රයන්ගෙන් පැහැදිලි වෙයි. ආවාහ විවාහ ජන ජීවිතයේ කැපී පෙනුණු ලක්ෂණ
පොළොන්නරු යුගයේ සිට ම රජ, බමුණු, වෙළෙඳ, ගොවි යනුවෙන් කුල කිහිපයකට සමාජය බෙදී තිබුණි. එසේම මෙකල සමාජයේ විවිධ රැකියාවන්ට අනුකූල ව බෙදී ගිය කුල ක්‍රමයක් පැවැති බව සාහිත්‍ය මූලාශ්‍රයන්ගෙන් පැහැදිලි වෙයි. ආවාහ විවාහ කටයුතු වලදී ද කුල ක්‍රමය බලපා ඇති බවට තොරතුරු හෙළි වේ.
සමාන කුලවල තරුණ තරුණියන් අතර ආවාහ-විවාහ සිදු වී ඇති බව පැහැදිලි වෙයි. පොළොන්නරු යුගයෙන් පසු යුගවල දී ද සමාජය පීතෘ මූලිකවීම දක්නට ලැබුණි. පවුලේ ප්‍රධානියා පියා වූ අතර, පියාගෙන් පසුව එහි නායකත්වය ගත්තේ පවුලේ වැඩිමල් පුතා ය. පොළොන්නරු යුගවලදී පළමුවන පරාක්‍රමබාහු රජුගේ මෙහෙසිය වූ ලීලාවතී රැජින තෙවරක් ම සිහසුන හෙබ වූ බවත්, නිශ්ශංකමල්ල රජුගේ දෙවන මෙහෙසිය වූ කල්‍යාණවතී රැජින ද රාජ්‍යත්වය හෙබ වූ බවත් සාහිත්‍ය මූලාශ්‍රයවල සඳහන් වේ.
පොළොන්නරු යුගයෙන් පසු, රාජධානි නිරිත දිගට මාරුවීමෙන් අනතුරුව ද, ප්‍රභූ පවුල්වල කාන්තාවෝ ආගමික හා ශාස්ත්‍රීය කටයුතුවල නියලුණ බව හෙළිවෙති. නිදසුන් වශයෙන් ගම්පොළ යුගයේ දී පද්මාවතී දේවිය ද පොළොන්නරු යුගයෙන් පසු, රාජධානි නිරිත දිගට මාරුවීමෙන් අනතුරුව ද, ප්‍රභූ පවුල්වල කාන්තාවෝ ආගමික හා ශාස්ත්‍රීය කටයුතුවල නියලුණ බව හෙළිවෙති. නිදසුන් වශයෙන් ගම්පොළ යුගයේ දී පද්මාවතී දේවිය ද, කෝට්ටේ යුගයේ දී උලකුඩය දේවිය ද මෙවැනි සමාජයීය මෙහෙවරෙහි නිරත වූහ. මේ යුගවල දී සමාජ තත්ත්වය අනුව ගේ දොරවල ප්‍රමාණය හා ස්වභාවය තීරණය විය. දුප්පතුන්ගේ නිවාස වූයේ මැටියෙන් තැනූ බිත්ති සහිත කුඩා කාමර එකකින් හෝ දෙකකින් යුතු නිවාසයි.
ඒවා පිදුරු වලින් සෙවිලි කරන ලද කුඩා නිවාස වෙයි. ගඩොලින් හා ගලින් බඳින ලද බිත්ති සහිත උළු සෙවිලි කළ වහලින් ද කාමර කිහිපයකින් යුක්ත නිවාස ප්‍රභූ පවුල්වල නිවාස බව හෙළි වෙයි. විවිධ ජන ක්‍රීඩා සහ විනෝද ක්‍රීඩා ද මෙම යුගවල දී සමාජයෙහි තිබුණු බව සංදේශ සාහිත්‍යයෙන් අනාවරණය වෙයි. ගැහැනු හා පිරිමි දෙපක්ෂය ම දිය කෙළියෙහි යෙදුණු බව සංදේශ සාහිත්‍යයෙහි එන දිය කෙළි වැනුම් මඟින් අනාවරණය වේ.
කව්සිළුමිණ, පූජාවලිය, සද්ධර්මරත්නාවලිය, කාව්‍යසේඛරය වැනි ග්‍රන්ථයන්හි එන තොරතුරුවලින්, ඔන්චිලි පැදීම වැනි ජන ක්‍රීඩා තිබුණු බව ද හෙළිවෙයි. වෙසක්, පොසොන්, ඇසළ ආදී අාගමික උත්සව පුරපසළොස්වක පොහෝ දිනවල පවත්වා ඇති බවත්, ශ්‍රී පාද වන්දනාව හා දළඳා වන්දනාව ද වාර්ෂික ව පවත්වා ඇති බවත් තොරතුරු අනාවරණය වේ.
