එළාර ක්‍රි.පූ. 205-161
 

ක්‍රි.පූ. 205-161
අගනගරය - අනුරාධපුරය (පාලන කාලය අවු. 44 යි)

එළාර නමැති සොලී කුමරු දෙමළ සේනාවක්‌ රැගෙන ලංකාවට පැමිණ අසේල රජු පලවා රාජ්‍යය පැහැරගෙන දැහැමින් රාජ්‍යය කෙළේය. මොහුට දීඝජන්තු ආදී මහා යෝධයන්ගෙන් යුත් මහත් බලසේනාවක්‌ සිටියේය. මේ රජ හතළිස්‌ සතර වර්ෂයක්‌ රජය කළ පසු දුටුගැමුණු රජහු විසින් මරන ලද්දේය. එළාර රජු බෞද්ධාගමික චාරිත්‍ර ඉටුකළ බව ද කියැවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017