කෝට්ටේ රාජධානිය - ක්‍රි.ව. 1415-1521
 

හයවන පරාක්‍රමබාහු රජතුමා - ක්‍රි.ව. 1415-1467

ක්‍රි.ව. 1415-1467 දක්වා වසර 53ක් රජ කළ හයවන පරාක්‍රමබාහු රජතුමා කෝට්ටේ යුගයේ ආරම්භක රාජ්‍ය පාලකයා මෙන් ම මුළු ලංකාව ම අවසන්වරට එක්සේසත් කළ පාලකයා ද වූයේ ය. පැරකුම්බා සිරිත අනුව එතුමාගේ මෑණියෝ සුනේත්‍රා මහා දේවිය වූ අතර පියාණන් ජයමහ ලෑන වූහ. හයවන පරාක්‍රමබාහු රාජ්‍යත්වයට පත්වන සමයේ ස්වාධීන වූ ප්‍රාදේශීය රාජ්‍ය ගණනාවක් තිබුණු බව සැලවෙයි. යාපනයේ ආර්ය චක්‍රවර්ති යටතේත්, උඩරට ජෝතිය සිටුවරයා යටතේත්, උතුරේ ස්වාධීන වන්නි ප්‍රාදේශීය රාජ්‍ය ගණනාවක් ද කෝට්ටේ රාජ්‍යයෙන් මිදී පාලනය ගෙන ගොස් ඇත.

හයවන පරාක්‍රමබාහු රජුගේ කාලයේ වැදගත් දේශපාලන සිදුවීම් ගණනාවක් හඳුනාගත හැකිය. ඉන් කිහිපයක් නම්,

* දකුණු ඉන්දීය විජයනගර් ආක්‍රමණයන් මැඬලීම

* දකුණු ඉන්දියානු අයිවිරරාම පටුන ආක්‍රමණය කිරීම

* ආර්ය චක්‍රවර්තීන් යටතේ වූ යාපනය කෝට්ටේ රාජ්‍යයට ඈදා ගැනීම

* යාපනයේ පාලකයා ලෙස සපුමල් කුමරු පත්කිරීම හා ශ්‍රී ලංකාව එක්සේසත් කිරීම

* ක්‍රි.ව. 1462 දී උඩරට ජෝතිය සිටුවරයාගේ කැරැල්ල මැඬලීමට අම්බුළුගල කුමරු යැවීම වශයෙනි.
(c) Shilpa Sayura Foundation 2006-2017