දෙවන බුවනෙකබාහු යාපහුවෙන් තම පාලන මධ්‍යස්ථානය කුරුණෑගලට මාරු කර 1300-1302 දක්වා වර්ෂ දෙකක් රාජ්‍ය කළ බව හෙළි වෙයි.
සිව්වන පරාක්‍රමබාහු - ක්‍රි.ව. 1302-1326
දෙවන බුවනෙකබාහුගේ පුත්‍රයා සිව්වන පරාක්‍රමබාහු නමින් ක්‍රි.ව. 1302 දී කුරුණෑගල රජවිය. මෙතුමා පණ්ඩිත පරාක්‍රමබාහු නමින් ද හඳුන්වයි. සිව්වන පරාක්‍රමබාහු රජතුමාගේ වැදගත් සේවාවන් රැසකි.* කුරුණෑගල දළඳා මැදුරක් ඉදිකිරීම
* ජාතක පොත සිංහලට නැඟීම සඳහා රාජානුග්‍රහය දැක්වීම
* වීදාගම ඝනානන්ද පිරිවෙනට හා තොටගමුවේ විජයබා පිරිවෙනට රාජානුග්‍රහය දැක්වීම
* අස්ගිරි සේනාසනය ඇරඹීම
* දළඳා සිරිත හා සිංහල ථූපවංශය ලියවීම
ඒ අතර ප්‍රධාන වේ.
මෙම රජතුමාගේ රාජ්‍ය කාලය අවසන් වීමෙන් තෙවන විජයබාහුගෙන් ආරම්භ වූ දඹදෙණි රාජවංශයේ අවසානය විය. ක්‍රි.ව. 1326-1341 කාලය දක්වා තුන්වන බුවනෙකබාහු හෙවත් වන්නි බුවනෙකබාහු නමින් ද පස්වන විජයබාහු විසින් ද පාලනය ගෙන ගිය බව පිළිගැනෙයි. පස්වන විජයබාහු සවුළු විජයබාහු නමින් ද හඳුන්වා ඇත.
