ක්‍රි.පූ. 215-205
අගනගරය - අනුරාධපුරය (පාලන කාලය අවු. 10 යි)
මුටසීව රජුගේ නවවෙනි පුත් අසේල කුමාරයා සේන ගුත්තික යන රජුන් මරවා රාජ්‍යය ගෙන දස වසක් දැහැමින් රාජ්‍යය කෙළේය. එළාර නම් සොළී රට කුමාරයෙක් මහත් දෙමළ යුධ සේනාවක් සමඟ ගොඩබැස මේ රජු හා සමඟ යුධ කොට මුළු පිහිටි රට යටත් කොට ගත්තේය. මේ වනහී පරදේශීන් විසින් ලංකාව යටත් කරගත් පළමුවෙනි වාරයයි.
