චන්ද්‍රබානුගේ පළමු ආක්‍රමණය
 

ලංකාවේ ප්‍රථම වතාවට අග්නිදිග ආසියාතික රටකින් එල්ල වූ ආක්‍රමණයකට මුහුණ දීමට දෙවන පරාක්‍රමබාහු රජතුමාට සිදුවිය. මලය අර්ධද්වීපයේ සිට මෙහි පැමිණි චන්ද්‍රබානුගේ පළමුවන ආක්‍රමණය දෙවන පරාක්‍රමබාහු රජුගේ එකොළොස්වන රාජ්‍ය වර්ෂය වන ක්‍රි.ව. 1247 දී සිදු වූ බව චූලවංශයේත්, පූජාවලියේත් සඳහන් වේ. ජාවක හමුදාවක් කැටිව පැමිණි චන්ද්‍රබාහුගේ මෙම ආක්‍රමණය අග්නිදිග ආසියාතික රටකින් එල්ල වූ ප්‍රථම ආක්‍රමණය බව මෙසේ හෙළි වෙයි.


"මේ රජුගේ එකොළොස්වන රාජ්‍ය වර්ෂය එළඹි කල්හි 'අපි දු බෞද්ධයෝ වම්හ'යි මායම් කියමින් චන්ද්‍රබාහු නම් වූ රජෙක් බියකරු සේනාවක් කැටිව ගොඩ බැස්සේය" මෙම චූලවංශ සටහනින් චන්ද්‍රබාහු බෞද්ධයකු බව හෙළිවේ. මලය අර්ධද්වීපයේ උතුරු කොටස එවක තාමුලිංග ය යනුවෙන් හඳුන්වා තිබේ. මේ ආක්‍රමණිකයා තාම්‍රලිංග ප්‍රදේශයේ සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී ඔහු පරාජය කිරීමට පරාක්‍රමබාහුගේ බෑනා වූ වීරබාහු කුමරු පිටත්කර ඇත. "රාමා මෙන් සටනටවත් වීරබාහු කුමරු රාමා රාක්ෂ්‍යයන් නැසූ පරිදි බොහෝ ජාවක සෙබළුන් නසා ලූහ" මෙම සටනින් ජයගත් වීරබාහු දඹදෙණියට යාමට පෙර දේවනගරයට ගොස් උපුල්වන් දෙවිඳුන්ට ස්තූති පූජා පැවැත් වූ බව චූලවංශය කියයි.
(c) Shilpa Sayura Foundation 2006-2017