දෙවන පරාක්‍රමබාහු - ක්‍රි.ව. 1236-1270
 

චූලවංශයේ තෙවන කොටසේ වීරයා වන දෙවන පරාක්‍රමබාහු රජතුමා ගැන පරිච්ඡේද අටක තොරතුරු ඇතුළත් කර ඇත. දෙවන පරාක්‍රමබාහුගේ පියා තෙවන විජයබාහු වුව ද ඔහුගේ මව ගැන  වංශකථාවල හෝ අන්‍ය මූලාශ්‍රයවල හෝ සඳහන් නොවේ. විජයබාහුට පරාක්‍රමබාහු සහ බුවනෙකබාහු ය පුත්තු දෙදෙනෙක් වූහ.

තෙවන විජයබාහු තමාගේ ඇවෑමෙන් සිංහාසනයට පත්වීමට සුදුසුකම් ඇත්තේ කවරෙකුට ද යන්න පිළිබඳ දෛවඥයන්ගේ මත විමසා ඇත. විජයබාහුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා නිසාත්, අනුප්‍රාප්තිය පිළිබඳ පාරම්පරික සම්ප්‍රදාය අනුවත්, පරාක්‍රමබාහුට සිහසුන උරුම විය. දෙවන පරාක්‍රමබාහු රජු දඹදෙණිය යුගයේ ශ්‍රේෂ්ඨතම පාලකයා විය.


දෙවන පරාක්‍රමබාහු රජුගේ දේශපාලන වැදගත්කම

දෙවන පරාක්‍රමබාහු රජතුමාට ආක්‍රමණ තුනකට මුහුණ දීමට සිදුවිය. එනම්, චන්ද්‍රබානුගේ ප්‍රථම ආක්‍රමණය, මාඝගේ ආක්‍රමණය, චන්ද්‍රබානුගේ දෙවන ආක්‍රමණය.
(c) Shilpa Sayura Foundation 2006-2017