පරාක්‍රම රජුගේ තෙවන රාජ්‍ය වර්ෂයේ දී දකුණු මලයාසියාවේ සිට මෙරටට පැමිණි කාලිංග මාඝ රජරට අගනගරය වූ පොළොන්නරුව අල්ලාගෙන අතිබිහිසුණු පාලනයක් ගෙන ගිය බව චූලවංශය හෙළි කරයි. මේ කාලයේ මාඝගේ මෙම ක්‍රෑර පාලනයෙන් මිදී රුහුණු, මායා හා මලය ප්‍රදේශ කරා ප්‍රභූවරුන්, භික්ෂූන් වහන්සේලා සහ සාමාන්‍ය ජනතාව කුඩා භූමි හිමිකර ගත් ප්‍රාදේශීය පාලකයින් කිහිපදෙනෙකුගේ තොරතුරු චූලවංශය හෙළි කරයි. මෙකල යාපහුවේ සුභ සෙන්පති ද, ගෝවින්ද මලයෙහි බුවනෙකබාහු ආදිපාද, මිනිපේ සංඛ සෙනෙවියා ද, දඹදෙණියෙහි විජයබාහු ද පාලනය ගෙන ගියහ.
යාපහුව සුභ සෙන්පති
සුන්දර පබ්බත, සුභගිරිය, සුභපබ්බත යන නම්වලින් හඳුන්වන යාපහුව පාලන මධ්‍යස්ථානය ලෙස පිහිටුවාගත්තේ සුභ නමැති සෙන්පතියා ය. මේ සෙනෙවියා කාලිංග මාඝගේ ක්‍රෑර පාලනය නිසා රජරටින් පලා ආ සෙනෙවියෙකු විය හැකි බව ඉතිහාසඥයින්ගේ මතයයි. මොහුගේ පාලනය ගැන වංශකථාව හෙළිකරන්නේ මෙසේය. "කේරළ රාක්ෂ්‍යයක් වලක්වාලමින්, අවට ප්‍රදේශය හා ශාසනය ආරක්ෂා කළ බවයි."
ගෝවින්දමල-බුවනෙකබාහු ආදිපාද
මෙකල රුහුණු ජනපදයේ ගෝවින්දමල හෙවත් ගෝවින්දසෙල නමැති ස්ථානයේ වාසස්ථානය පිහිටුවාගත් ප්‍රාදේශීය පාලකයා වූයේ බුවනෙකබාහු ආදිපාදවරයා ය. මෙය වර්තමානයේ "ගෝවින්දහෙල" නමැති ගිරි ශිඛරය බව ඉතිහාසඥයන් විසින් හඳුනාගෙන තිබේ. බුවනෙකබාහු ආදිපාද විසින් රුහුණු රටත්, භික්ෂූන් වහන්සේලාත්, ශාසනයත් ආරක්ෂා කළ බව දැක්වෙයි. මෙම ආදිපාදවරයා විසින් කාලිංග මාඝගේ හමුදා රුහුණු දෙසට ඒම වළක්වා තිබේ.
මිනිපේ-සංඛ සෙනෙවි
සංඛ නමැති සෙනෙවියා මිනිපේ (මණිමේඛල ප්‍රදේශය) උස්ව පිහිටි ගඩලාදෙණි පර්වතයේ නගරයක් කර වූ බවත්, ඔහු නිර්භීතව එම ප්‍රදේශයත්, ශසනයත්, ආරක්ෂා කළ බවත් චූලවංශයේ සඳහන් වෙයි. මොහු විසින් මාඝගේ හමුදාවන්ගේ ගමන වලක්වා ප්‍රහාර එල්ල කර ඇති බව හෙළි වේ.