දේශපාලන බලය විමධ්‍යගතව පැවති අවධියේ පරුමකවරුන්ව සිටි බොහෝදෙනා ඒකාබද්ධ කර රාජ්‍යය ගොඩනැගුණු බැවින් රජු සියලු පරුමකවරුන්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. එහෙයින් රජු හැඳින්වීමට මහාපරුමක හෙවත් මපුරුමුකා යන පද භාවිත විය.
බලය මධ්‍යගත වීමට පෙර අවධියේ දී ඇතැම් බලවත් පරුමකවරුන් රජ යන ව්‍යවහාරය භාවිත කළ නමුදු දේශපාලන බලය මධ්‍යගත වූ පසු රටේ පාලකයා හැඳින්වීමට මහරජ යන පදය භාවිත විය.
ශ්‍රී ලංකාවේ දේශපාලන බලය මධ්‍යගත වීමෙන් පසු රාජ්‍ය පරිපාලන සැකැස්මට අයත් වූ නිලධාරින් තන්ත්‍රයේ ව්‍යූහය කෙබඳු වී දැයි මෙරට පැරණිතම සෙල්ලිපි ඇසුරෙන් තේරුම් ගත හැකිය.
මහරජ (මපුරුමුකා)
↓
මහඇමති (මහමත)
↓
ඇමතිවරු (අමෙත)+ සේනාපතිවරු (ශෙනපති)
↓
භාණ්ඩාගාරික (බඩගරික)
↓
භෝජනශාලා අධිකාරි (බතගු)
↓
වත්සිරිත් සහ චාරිත්‍ර පිළිබඳ අධිකාරි (කොතුරුගෑ නා)
↓
↓
නාගරික වාස්තුවිද්‍යාඥ (නගර වුඩික) + අශ්ව අංශයේ ප්‍රධානි (අස අදෙක) + ඇත් අංශයේ ප්‍රධානි (හති අදෙක) + නාට්‍ය අංශයේ ප්‍රධානි (නට අදෙක) + කාසි අච්චු ගැසීමේ අංශ ප්‍රධානි (රූප අදෙක) + වෙළඳ කටයුතු භාර ප්‍රධානි (පන අදෙක) + රාජ්‍ය ලේඛනාගාර ප්‍රධානි (කනපෙඩික)
මේ අකාරයේ නිලධාරි තන්ත්‍රයක් මගින් පාලනය ගෙන යාමට මහත් පිටිවහලක් ලැබිණි. ඉන් වඩාත් ප්‍රයෝජනය ලැබුණේ රටේ පොදු මහජනතාවට ය.
