පැරණි ශ්‍රී ලංකාවේ රාජ්‍ය උරුමය සහෝදරයාගෙන් සෝදරායාට හෝ පියාගෙන් පසු පුතාට හිමි වූ බව පෙනී යයි. එමෙන් ම සහෝදරායාගෙන් සහෝදරයාට රජකම හිමිවීමේ දී බොහෝ දුරට රජුට බාල සොයුරන් අතරින් වැඩිමහල් ම සොයරාට බලය හිමි වී ඇත. එසේ නොවුණු අවස්ථාවල දී ගැටුම් පැවති බව ඉතාහාසය දෙස බැලීමේ දී පෙනී යයි.
පියාගෙන් පුතාට රජකම උරුම වීම සුලභ සිදුවීමකි. කාවන්තිස්ස රජුගෙන් පසු දුටුගැමුණුට රජකම හිමිවිය. වසභ රජුගේ ඇවෑමෙන් ඔහු පුත් වංකනාතිස්සට ද රජකම හිමිවිය. මෙසේ පියාගෙන් පුතුට රජකම හිමිවීමේ දී රජුගේ වැඩිමහල් පුත්‍රයා නැතිනම් අගබිසවගේ වැඩිමහල් පුත්‍රයා ට උරුමවිය. එසේ නොවූ අවස්ථාවල දී ද ගැටුම් ඇති වූ බව ඉතාහාසය සාක්ෂි දරයි.
කාශ්‍යප රජු තම පියා වූ ධාතුසේන රජුගෙන් රාජ්‍යය පැහැරගත් බව අපි දනිමු. කාශ්‍යප රජුට එසේ කිරීමට සිදුවූයේ ධාතුසේන රජුගේ අගබිසවගේ පුතා වූ මුගලන් කුමරු රාජ්‍යත්වයේ නියම හිමිකරු වූ නිසාය. කාශ්‍යප කුමරුගේ මව ධාතුසේන රජුගේ දෙවන බිසවකි.
මීට අමතරව රජුගේ බිසවගේ සොයපරාට හා රජුගේ සොයුරියකගේ පුත්‍රයාට රජකම උරුම වූ අවස්ථා ද ඇත. ඒ රජකමට නියම හිමිකරුවකු නොවූ අවස්ථා වලය.
