ක්‍රි.පූ. 247-237
අගනගරය - අනුරාධපුරය (පාලන කාලය අවු. 10 යි)
මහාසීව රජු ඇවෑමෙන් මුටසීව රජුගේ සවෙනි පුත් සූරතිස්‌ස කුමාරයා රජවිය. මොහුගේ පුන්‍යකර්ම කරණ කොටගෙන මෙතෙම ස්‌වර්ණ පිණ්‌ඩතිස්‌ස යන නමකින් ද ප්‍රසිද්ධ විය. මේ රජු දස අවුරුද්දක් රජකළ පසු ඔහුගේ අශ්ව සේනාධිපති වූ සේනක, ගුත්තිකය යන දෙදෙනෙකු ඔහු මරා රාජ්‍ය පැහැර ගත්හ.
