දැනට කැණීම් කර තිබෙන්නේ එවැනි සුසාන භූමි තුනක් හා නේවාසික ස්ථාන දෙකක් පමනී. ඒ අනුව ස්ථීර කොට තිබෙන දින මෙසේය.
බෙරගල සුසාන භූමිය ක්‍රි.පූ. 2400
හල්දුම්මුල්ල සුසාන භූමිය ක්‍රි.පූ. 1750
රංචාමඩම සුසාන භූමිය ක්‍රි.පූ. 1350
රංචාමඩම නේවාසික ස්ථානය ක්‍රි.පූ. 1129
කාලනිර්ණය අනුව මැටිඔරු සුසාන වඩා පැරණිය. එපමණක් නොව ශිලා මංජුසා සුසානවලින් සොයා ගෙන තිබෙන ආනයනිත පබළු ආදි දේ සමඟ සසදන විට මැටිඔරු සුසානවලින් සොයාගෙන තිබෙන දෑ තාක්ෂණික අතින් ප්‍රාථමික වනවා පමණක් නොව විවිධතාව අතින් ද දුර්වල ය.
මැටිඔරු සුසානවලින් සැලකිය යුතු තරමේ ගල් මෙවලම් ප්‍රමාණයක් ලැබේ. ශිලා මංජුසා සොහොන්වලින් ගල් මෙවලම් සොයා ගත් අවස්ථා විරල ය. ගල් මෙවලම් බහුලව තැන්පත් කර තිබීම ම%ටිඔරු සුසානවල පැරණි කම ස්ථීර කරන ප්‍රබල සාක්ෂියකි.
ඌව පළාතෙන් සහ සබරගමු පළාතෙන් සොයා ගත් මැටිඔරු සුසානවලට සමානකම් ඇති සුසාන භූමි දෙකක් රුවන්වැල්ලේ නිකවලමුල්ල සහ අත්තනගල්ලේ කළඔටුවාව යන ස්ථාව දෙකෙන් ද හමු වී තිබේ. එහෙත් ඒවා අයත් වන්නේ ශිලා මංජුසා සොහාන් අයත් කාලවකවානුවට ය.
මේ අනුව ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයේ ඈත සීමාව ක්‍රි.පූ. 2400 ට අයත් කළ හැකිය.එහි පහළ මට්ටම ක්‍රි.පූ. 600 දක්වා පැමිණෙන බව රංචාමඩම සුසාන භූමියට ලැබුණු එක් දිනයකින් පෙන්නුම් කරයි.
