මෙරට පූර්ව ඓතිහාසික යුගයේ ආරම්භයත් ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසානයත් අතර සංක්‍රාන්තික සමය ගැන අපට තිබෙන දැනුම සීමිතය. ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගල් මෙවලම් තාක්ෂණය සහ දඩයම ඇතුළුව ආහාර එකතු කිරීමේ යැපීම් ක්‍රමය යටපත් වෙමින් ඒ වෙනුවට ශාක ආහාර මත පදනම් වීම සහ ලෝහ භාවිතයට නැඹුරු වීම හිටිවන ම සිදුවූවක් නොවේ. වෙනත් රටවල සිදු වී තිබෙන එවැනි සංස්කෘතික පරිවර්තන වලට බොහෝ අවස්ථාවල බලපා තිබෙන්නේ දීර්ඝ කාලීනව බලපවත්වන පරිිදි ඇති වූ දේශගුණික විපර්යාසයයි. හොලෝසීන යුගය නමින් හඳුන්වන මෑත භූ අවධියේ මැද භාගයේ දී එනම් ක්‍රිස්තු පූර්ව 7000-4500 අතර කාලපරිච්ඡේදයේ දී සමස්ත දකුණු ආසියානු කලාපයටම බලපෑමක් ඇති කළ දේශගුණික විපර්යාසයකිනි. එනම් අයිස් යුගය අවසන් වීමත් සමඟ ලෝකය උණුසුම් වීම මඟින් කෘෂි කර්මාන්තය සඳහා වඩාත් සුදුසු පරිසර තත්ත්වයක් ගොඩනැගෙන්නට විය. එමෙන්ම ජනගහනය වර්ධනය වීමත්, එතුළින් සමාජ රටාවක් කෙරෙහි යොමුවීමත් සිදුවිය.
ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගය පිළිබඳ පැරණිතම සාධක අයත් වන්නේ ක්‍රි.පූ. 2400 ට ය. පුරාවිද්‍යා ගවේෂණ වලට අනුව මෙම යුගයට අයත් සාක්ෂි වඩාත් පැහැදිලිව අනාවරණය වී තිබෙන්නේ සබරගමු පළාතේ ඊසානදිග කොටසින් හා ඌව පළාතේ නිරිතදිග කොටසින් ය.
මෙරට පූර්ව ඓතිහාසික යුගයට අයත් ස්ථාන 50 කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන තිබෙන්නේ මහශිලා සුසාන (Megalithic burials) සහ ඒවාට අනුබද්ධව පිහිටා ඇති පැරණි ජනාවාස මඟිනි. විශාල ගල් පතුරු එක්තැන් කොට චතුරස්‍රාකාර හැඩයකට සකස් කර තිබෙන එකී සුසාන තුළ මිනිස් භස්මාවශේෂ සහිත වළං තැන්පත් කර තිබේ. මේවා හැඳින්වීමට ශිලා මංජුසා (Cist burials) සොහොන් යන ව්‍යවහාරය යෙදේ.
එවැනි සොහොන් අතරින් දඹුල්ලට නුදුරුව පිහිටි ඉබබන්කටුව මහාශිලා සුසානයත් යාපහුවේ පිහිටි යටිගල්පොත්තේ සුසාන භූමියත් දැනට කැණීම් කොට තිබේ. ඒවාට ලැබී තිබෙන විද්‍යාත්මක දින නිර්ණ ක්‍රි.පූ. 750-450 අතර කාලයට අයිත් වේ. මේ අතරින් ඇතැම් ඒවා සාමාන්‍ය මැටි බඳුනක භෂ්මාවශේෂ තැන්පත් කොට ලොළොවේ වළලා තිබේ. එවැනි සොහොන් "කුම්හීය නිබනන" නමින් හඳුන්වයි. නමුත් ඒවා කුමන කාලයකට අයත් ද යන්න නිශ්චිතව සොයාගෙන නැත.
ඌව පළාතේ හල්දුම්මුල්ල සහ බෙරගල පිහිටි පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසානභූමි දෙකක පුරාවිද්‍යාත්මක කැණීම් සිදු කර තිබේ. මෙම සුසානභූමි වල භස්මාවශේෂ තැන්පත් කොට ඇත්තේ අමු මැටියෙන් සකස් කළ ඔරුවක හැඩැති බේසමක බහා ලු මැටි වළං තුළය. භස්මාවශේෂ තැන්පත් කරන්නට පෙර මෙම මැටි ඔරු තුළ මිනිස් ඇටසැකිලි අාදානය කර ඇත. එහිදී ගින්නට හසුවීම නිසා ඔරුව මැනවින් පිළිස්සී තිබේ. ඒවා දීර්ඝ කාලයක
