ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසානයත්, ඓතිහාසික යුගයේ ආරම්භයත් අතර කාලවකවානුව පූර්ව ඓතිහාසික යුගය ලෙස හඳුන්වන්වයි. තාක්ෂණික වශයෙන් මෙය සංක්‍රාන්තික යුගයකි. පූර්ව ඓතිහාසික යුගය ඊට පෙර පැවති ප්‍රාග් ඓතිහාසික යුගයෙන් වෙන්වී පෙනෙන්නේ කරුණු කිහිපයක් පදනම් කරගෙන ය. පිළිස්සූ මැටි වළං භාවිතය ආරම්භ කිරීමත් සමඟ ක්‍රමවත් සුසාන චාරිත්‍ර විධියක් අනුගමනය කිරීමත් මේ අතරින් ප්‍රධානය. ගල් යුගයේ දී පැවති ගල් මෙවලම් තාක්ෂණය වෙනුවට යකඩ ලෝහය භාවිත කිරීම මේ කාලයේ දී ඇරඹිණි.
එහෙත් ගල් මෙවලම් මුළුමනින් ම අතහැර දැමුණේ පූර්ව ඓතිහාසික යුගයේ අවසන් භාගයේ දී ය.යකඩ භාවිතය ආරම්භ වීම නිසා මෙම යුගය පූර්ව ඓතිහාසික යකඩ යුගය යනුවෙන් ද මුල් යකඩ යුගය යනුවෙන් ද හැඳින්වේ. එලෙසම ස්ථීර ජනාවාස ඉඳි කිරීම, කෘෂිකර්මාන්තය ඇරඹීම මෙකල දක්නට ලැබෙන තවත් පරිවර්තනයන් ය.
