මෙතෙක් සොයාගෙන තිබෙන ඇටසැකිලි මෙරට ගල් යුගයට අයත් මිනිසුන්ගේ ශරීර ස්වභාවය අවබෝධ කරගැනීමට ඉවහල් වේ. සාමාන්‍යයෙන් වැඩුණු පිරිමියෙකුගේ උස සෙ.මී. 174 කි. වැඩුණු කාන්තාවක් සෙ.මී. 166 කට වඩා උස නැත. ඔවුන් සියලු දෙනාගේ දත් විශාලය. පළල් නාසයක් සහ නිකටක් තිබිණි. වැඩිහිටි පිරිමියෙකුගේ මොළයේ විශාලත්වය ඝන සෙ.මීටර 1600 කි. වැඩුණු ගැහැණු අයකුගේ එය ඝන සෙ.මීටර 920 කි. මානව විද්‍යාඥයන්ගේ අදහස අනුව ප්‍රාග් ඓතිහාසික මානවයාගේ උපරිම ආයු කාලය වසර 35-40 පමණ වෙයි.
අභිචාර විධි
කුරුවිට බටදොඹලෙනෙන් සොයා ගත් ඇටසැකිලි නමා වකුටු කර වළ දමා තිබිණි. ශ්‍රී ලංකාවේ ගල්යුගයේ ජීවත් වූ මිනිසුන් සහ වැදි ජනතාව අතර සංස්කෘතිමය වශයෙන් සහ ජීවිද්‍යාත්මක වශයෙන් සමානතා රැසක් ඇති බව පර්යේෂකයින්ගේ මතයයි.
