තාක්ෂණය
 

මේ යුගයට අයත් තාක්ෂණය ගැන සොයාගැනීමට තිබෙන එකම සාක්ෂිය ගල් මෙවලම් ය. එහෙත් රත්නපුරයේ මැණික් පතල් වලින් සහ ඉරණමඩු සැකැස්මෙන් සොයාගෙන ඇති ගල් මෙවලම් ආශ්‍රයෙන් ගල් යුගයේ තාක්ෂණය ගැන පූර්ණ නිගමනයකට පැමිණීමට අපහසුව තිබේ. ඊට හේතුව ප්‍රමාණවත් ගල් මෙවලම් ප්‍රමාණයක් නොලැබීමත් ඒවායේ දිනවකවානු පිළිබඳ දැනට තිබෙන දැනුම ප්‍රමාණවත් නොවීමත් ය.


මේ පිළිබඳ විස්තරාත්මක දැනුමක් ලබාගැනීමට ඉවහල් වන්නේ පුරාවිද්‍යාඥයින් විසින් ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශිලාමෙවලම් යනුවෙන් හඳුන්වන කුඩා ප්‍රමාණයේ ගල් මෙවලම් ය. මෙවැනි මෙවලමක් දිගින් සෙ.මී. 4.5 කට වඩා විශාල නොවේ. තිරිවානා ගල් සහ සුළු වශයෙන් කහඳ ගල් භාවිත කොට මෙකී ක්ෂුද්‍ර ගල් මෙවලම් නිෂ්පාදනය කර තිබේ. සමස්තයක් ලෙස ගතහොත් වැඩි වශයෙන් නිපදවා තිබෙන්නේ ජ්‍යාමිතික නොවූ ක්ෂුද්‍ර ගල් මෙවලම් ය.

මේවා සතුන් දඩයම් කිරීමේ සිට කැපීම්, සීරීම්, තැලීම්, හෑරීම් වැනි දේට උචිත ලෙස සකසා ඇත. මීට අනතරව කළුගල් භාවිත කොට තනා තිබෙන මිටි, ඇඹරුම්ගල් ආදිය ද එකල නිපදවා තිබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017