මීට ඉවහල් වන වැඩිමනක් සාධක ලැබෙන්නේ වියළි කලාපයේ සහ තෙත් කලාපයේ පිහිටි ගල්ගුහා වලිනි. දැනට තිබෙන සාක්ෂි අනුව ආහාරය සඳහා දඩයම් කළ සතුන් අතර ගවරා, කුළු මීහරකා, කළු වළහා, වල්ඌරා, ගෝනා, තිත් මුවා, මීමින්නා, ඉත්තෑවා, හාවා, දඬුලේනා, තලගොයා, පිඹුරා, වලිකුකුලා ආදිය වේ.මිරිදිය මාළු වර්ග ද ආහාරයට ගෙන ඇත.
පිෂ්ටය ලබාගැනීමට භාවිත කළ ශාක ආහාර අතර වල්දෙල් සහ කැලෑ කෙසෙල් ප්‍රධානය. කිතුල්ගල බෙල්ලෙනෙන් වසර 12500 කට ඉහත දී පුළුස්සා ආහාරයට ගත් කැලෑදෙල් ඇට පිළිබඳ සාක්ෂි හමුවී ඇත. මීට අමතරව පිෂ්ටය බහුල ආහාර ලෙස ගෝනල, කටුඅල, කිතුල් ඇට සහ දෝතලු ඇටවල මදය ද අනුභව කර තිබේ.
ගොළුබෙල්ලන් ආහාරයට ගැනීමට ප්‍රාග් ඓතිහාසික වැසියන් මහත් රුචියක් දැක්වෛය. විශේෂයෙන් ම පහතරට ජීවත්වන ගස්ගොළුබෙල්ලන් සහ කලපුවල ජීවත්වන බෙල්ලන් මෙසේ ආහාරයට ගෙන තිබේ. සිය ආහාරයට අවශ්‍ය ලුණු ලබාගැනීමට ඔවුන් ඉතා දුරබැහැර ගමන් කළෝය. කිතුල්ගල බෙල්ලෙනෙන් සොයාගන්නා කලපු බෙල්ලන්ගේ අවශේෂ මුහුදුබඩ ප්‍රදේශවලින් ගෙන ආ ලුණු සමඟ මිශ්‍ර වී පැවති ඒවා බව හඳුනාගෙන තිබේ.
