මෙම යුගයේ ජනතාව දඩයම් කිරීමෙන් සහ තැන තැන ඇවිද ආහාරයට ගතකැකි ස්වභාවික දේ එකතු කරගනිමින් සංචාරක ජීවියක් ගත කළේය. එමෙන් ම ජනගහනය, කුඩා කණ්ඩායම් ලෙස සංවිධානය වී තිබිණි. සාමාන්‍යයෙන් එක් කණ්ඩායමක සාමාජිකයන් 15-20 අතර ප්‍රමාණයක් විය. එවැනි කණ්ඩායමක උපරිම සංඛ්‍යාව 50 කි.
සාමාජිකයන් 5 දෙනෙකුගෙන් යුත් පවුලකට ජීවත්වීමට වර්ග මීටර 50ක තරම් භූමියක් ප්‍රමාණවත් වූ බව පෙනේ. බණ්ඩාරවෙල චර්ච්හිල් නම් ස්ථානයෙන් සොයාගත් ගල්යුගයට අයත් ස්ථානයේ වපසරිය වර්ග මීටර් 150කි. එහි පුද්ගලයන් 25 දෙනෙකු ජීවත්වන්නට ඇතැයි අනුමාන කෙරේ. බෙල්ලන්බැඳිපැලැස්සේ ගල්යුගයට අයත් ප්‍රජාව ජීවත් වූ තැන වපසරිය වර්ග මීටර 120කි. එතැනින් මිනිස් ඇටසැකිලි 30 ක් සොයා ගැනිණි.
මෙම යුගයට අයත් පුද්ගලයින්ගේ ආහාරයේ ස්වභාවය තීරණය වූයේ ඔවුන් ජීවත්වන පරිසරයෙන් ලබා ගත හැකිව තිබූ සම්පත්වල ස්වභාවය අනුවයි. ආහාර සෙවීමේ දී ඒ මානවයෝ දිනකට කිලෝමීටර 7ක පමණ දුරක් ඇවිද ගියහ. ගල් ගුහාවල ගත කරන ලද්දේ තාවකාලිකව බැවින් මියගිය ඥාතීන්ගේ සිරුරු ගුහා ඇතුළත ම වළ දැමූහ. ඇතැම් අවස්ථාවල ලී දඬුවක් හෝ අං කැබැල්ලක ආධාරයෙන් වළක් හාරා තිබේ.
අනතුරුව මළසිරුරු ඒ වළේ තැන්පත් කසළ රොඩුවලින් එය වසා දැමීය. කිතුල්ගල බෙලිලෙන ඇතුළත එලෙස මිහිදන් කළ පුද්ගලයින් 12 දෙනෙකුගේ ඇටසැකිලි සොයා ගැනිණි. බෙල්ලන්බැඳිපැලැස්සේ ගල් යුගයට අයත් සොහොන් බ්මේ ඇටසැකිලි 30ක් තිබිණි. පාහියන්ගල ගල්ගුහාවෙන් අවධි කිහිපයකට අයත් පුද්ගලයින් 9 දෙනෙකුගේ ඇටසැකිලි කොටස් සොයා ගැනිණි.
