ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ජනාවාස රටේ පවතින පරිසර තත්ත්වයන්ට අනුවර්තනය වෙමින් ව්‍යාප්ත විය. ආහාර වලට අවශ්‍ය ස්වභාවික සම්පත් බහුල ප්‍රදේශවල වාසය කිරීමට ඔවුන් කැමති වූහ. පහතරට වැසි වනාන්තර ප්‍රදේශ, වියළි කලාපීය වනාන්තර, මුහුදුබඩ කලපු සහ විල්ලු ආශ්‍රිත ප්‍රදේශ, කඳුකර තණබිම් ආදී තැන්වල ඔවුන් වාසය කර තිබෙන බව පැවසේ.
පහසුවෙන් ජලය ලබාගත හැකි තැන් සහ ගල් මෙවලම් තනාගැනීමට අවශ්‍ය කරන පාෂාණ වර්ග බහුල ප්‍රදේශවල ජීවත්වීමට ඔවුන් රුචියක් දැක්වීය. වියළි කාලගුණයක් පවත්නා කාලවල දී එලිමහන් තැන්වලත් වර්ෂා කාලවල දී ස්වභාවික ගල්ගුහාවලත් ඔවුන් ජීවත් වී තිබේ.
එවැනි එලිමහන් කඳුවුරු සහ ගල්ගුහා වාසස්ථාන කිහිපයකි මේ.
1. මිනිහාගල්කන්ද, බුන්දල, පතිරාජවෙල (වෙරළාශ්‍රිත එලිහමන් කඳවුරු)
2. පාහියංගල, බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන (පහතරට තෙත් කලාපීය ලෙන්)
3. සීගිරියේ පොතාන සහ අලිගල (පහතරට වියළි කලාපීය ලෙන්)
4. බෙල්ලන්බැදිපැලැස්ස (පහතරට වියළි කලාපීය එළිමහන් කඳවුරු)
5. බණ්ඩාරවෙල, හෝර්ටන්තැන්න (කඳුකර එළිමහන් දඩයම් ස්ථාන)