ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිසර කලාප 8ක ගල් යුගයට අයත් ප්‍රජාව ජීවත් වී තිබේ. මෙම පරිසර කලාප නම්,
1. පහතරට ශුෂ්ක කලාපය
2. පහතරට අර්ධශුෂ්ක කලාපය
3. පහතරට වියළි කලාපය
4. පහතරට අතරමැදි වියළි කලාපය
5. කඳුකර වියළි අතරමැදි කලාපය
6. පහතරට අතරමැදි තෙත් කලාපය
7. තෙත් කඳුකර කලාපය
8. තෙත් උස් කඳුකර කලාපය යි.
මෙම පරිසර කලාප තීරණය කිරීමට ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගන්නේ වාර්ෂික වර්ෂාපතන අගයන්වල වෙනස්කම් ය. වර්ෂාපතනයේ වෙනස්කම් අදාළ ප්‍රදේශවල වාසය කරන සතුන්ටත් ශාක ප්‍රජාවටත් සෘජු බලපෑමක් ඇති කරයි. එහෙයින් එකිනෙකට වෙනස් පරිසර කලාපවලට අනුවර්තනය වූ ගල්යුගයේ වැසියන්ගේ ආහාර පරිභෝජනයේ සහ තාක්ෂණයේ යම් යම් විවිධතා ඇති විය.
නිදසුනක් ලෙස: පහතරට තෙත් කලාපයේ විසූ ගල් යුගයේ ප්‍රජාව ආහාරය සඳහා ගොඩබිම ජීවත්වන බෙල්ලන් යොදා ගත්හ. ඒ විවිධ බෙල්ලන් වර්ග පහතරට තෙත් කලාපයේ සුලභ බැවිනි. එහෙත් මෙම තත්ත්වය පහතරට වියළි කලාපයේ දක්නට නැත. එම ප්‍රදේශවල දඩයම් කළේ මුවා, තලගොයා ආදි වියළි කලාපීය පරිසරයේ ජීවත්වන සතුන් ය.
