සාහිත්‍ය මූලාශ්‍රයන්ගෙන් විස්තර කරන අතීත කාලයේ ආරම්භයට පෙර යුගය හඳුන්වන්නේ ප්‍රාග් ඓතිහාසික යුගය නමිනි. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට සංස්කෘතික අවධි දෙකක් අයත් ය. පළමුවැන්න දීර්ඝ කාලයක් පැවති ගල් යුගය යි. දෙවන යුගයට අයත් වන්නේ ශාක ආහාරයට වැඩි නැඹුරුවක් තිබූ, ලෝහ භාවිතය සහ ස්ථීරවාසි ජනාවාස ආරම්භ වන කාල වකවානුවයි. මේ අතරින් ගල්යුගය හැඳින්වීමට ප්‍රාග් ඓතිහාසික යුගය යන ව්‍යවහාරයත්, දෙවන අවධිය හැඳින්වීමට පූර්ව ඓතිහාසික යුගය යන්නත් භාවිත කෙරේ.
ජනාවාස ව්‍යාප්තිය
ශ්‍රී ලංකාව ජනාවාස කළේ ආදි කාලීන හෝමෝ සාපියන් මානවයා ය. එකී මානවයා මෙරට විවිධ දේශගුණික කලාපවලට අනුවර්තනය වෙමින් පුළුල් භූගෝලීය ප්‍රදේශයක ව්‍යාප්ත විය. දඩයමින් සහ තැන තැන ඇවිද යමින් ආහාර එකතු කිරීම ඔවුන්ගේ ප්‍රධාන යැපීම් මාර්ගයයි.
ලංකාවේ ගල් යුගයට අයත් සාක්ෂි හමුවන ස්ථාන දෙකකි. පළමුවැන්න රත්නපුර සහ එහි අවට ප්‍රදේශවල පිහිටි මැණික් පතල් ය.
