හැඳින්වීම
 

ශ්‍රී ලංකාව මිනිස් වාසයක් බවට පත් වූයේ මීට අවුරුදු එක්ලක්ෂ විසිපන්දහසකට පමණ ඉහත කාලවකවානුවක දී ය. ඉන්දියානු සාගරය හරහා මෙහි පැමිණි නූතන මානවයා නමින් හැඳින්වෙන හෝමොසාපියන්වරු එසේ මෙරටට සංක්‍රමණය වූහ. එතැන් පටන් ඔවුහු මෙරට විවිධ ප්‍රදේශවලට පැතිර යමින් ඒ ඒ පළාත්වල තිබෙන පරිසර ස්වරූපවලට හැඩගැසුණහ.

සැලකිය යුතු තරමේ දීර්ඝ කාලයක් ඔවුන් මේ රටේ ජීවත්වීම නිසා කාලානුරූපව ඔවුන්ගේ සංස්කෘතිය ද සකස් විය. සංස්කෘතියේ සිදු වූ එම වෙනස්කම් පදනම් කොට ගෙන ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය පැවැත්මේ ඉතිහාසය අවධි තුනකට බෙදා තිබේ. ඒ අවධි කෙබඳු ස්වරූපයේ ඒවා දැ යි යන කාරණයත් ඒ අදාළ කාලවකවානුවල දී ඔවුන් ජීවත් වූ ආකාරය ගැනත් මෙම පාඩමේ දී ඔබට විස්තර කරදෙනු ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017