පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය
 

පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය, අභිලේඛන, කාසි, නටඹුන්


අභිලේඛන

අභිලේඛන යනු ගල් (ශිලා), මැටි පුවරු, බිත්ති, තඹ තහඩු, රන් තහඩු, දැව හා විවිධ භාජන ආදියේ ලියා ඇති පැරණි ලේඛන පොදුවේ හැඳින්වීමට යොදන පදයකි. ගල් මත ලියා ඇති ලේඛන හැඳින්වීමට ශිලාලේඛන හෝ සෙල්ලිපි යන නාමය යෙදේ.


සෙල්ලිපි

ශිලාලිපි ලියා ඇති ගල්වල ස්බරූපය අනුව ඒවා ලෙන්ලිපි, ගිරිලිපි, ටැම්ලිපි, පුවරුලිපි හා ආසන ලිපි ආදි වශයෙන් වර්ග කෙරේ.

මෙරට පැරණිම ශිලා ලිපි බ්‍රාහ්මීය ලිපි ලෙස හඳුන්වන අතර ප්‍රධාන වශයෙන් භික්ෂූන්ට ලෙන් පිදීම වැනි දේ වාර්තා කිරීමට එම ලිපි ලියා තිබේ.

මූලාශ්‍රය වර්ගය

උදාහරණ

ග්‍රීක මූලාශ්‍රය

ඇරිස්ටෝටල්ගේ ඩිමුණ්ඩෝ කෘතිය, මෙගස්තිනිස්ගේ ඉන්ඩිකා කෘතිය, ඔනෙසික්‍රිටස්ගේ වාර්තා

රෝම මූලාශ්‍රය

ප්ලිනීගේ නැචුරලිස් හිස්ටෝරියා කෘතිය, ටොලමිගේ භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය කෘතිය, ටොලමිගේ ලංකා සිතියම

චීන මූලාශ්‍රය

හියුං සියැං භික්ෂුවගේ දේශාටන වාර්තා කෘතිය

පෘතුගීසි මූලාශ්‍රය

ෆර්නාඕ ඩී ක්වෙරෝස් පියතුමාගේ ලංකාව පිළිබඳ ග්‍රන්ථය

තමන් නොදුටු එහෙත් වෙනත් අය පැවසූ තොරතුරු මත පිහිටා ලංකාව පිළිබඳ වාර්තා තැබූ කර්තෘවරු සහ ඔවුන්ගේ කෘති

පැරණි සමාජ ඉතිහාසය හා ජනාවාස ව්‍යාප්තිය වටහා ගැනීමට මෙම ලිපි උපකාරි වේ. ක්‍රි.පූ. 2 සියවසේ සිට මහනුවර රාජ්‍ය සමය දක්වා ශිලාලිපි ලිවීම අඛණ්ඩව පැවතුණි. ක්‍රි.ව. 2 සියවසෙන් පසු විහාරාරාම වලට ගම්බිම් පිදීම, විහාරාරාම පාලනය, රජයේ නීති මහජනයාට දැනුම් දීම, බදු අයකිරීම ආදි නොයෙක් කරුණු වාර්තා කර තැබීමට ශිලාලිපි පිහිටවනු ලැබීය. මෙනිසා සාහිත්‍ය මූලා්‍රය වල සඳහන් නොවන බොහෝ කරුණු ශිලාලිපිවලින් අනාවරණය කර ගත හැකි ය.

කාසි

අනුරාධපුර යුගයේ සිට ලංකාවේ කාසි භාවිතය පැවතුණි. මෙරටින් හමුවන පැරණිතම කාසි "කහාපණ" නම් වේ. පුරාණ හෝ ධරණ යන නම් ද එම කාසිවලට යෙදේ. ඇතා සහ ස්වස්තික කාසි, ලක්ෂ්මී කාසි හා අක නම් රන් කාසි වර්ගයක් ද මෙරට භාවිත කර ඇත.


දේශීය කාසිවලට අමතරව රෝම කාසි, චීන කාසි, ඉන්දියානු කාසි ආදියත් ලංකාවෙන් හමුවෙයි. රටේ ආර්ථික තත්ත්වය, වෙළෙඳාම, ලෝහ භාවිතය ආදිය හැදෑරීමේ දී කාසි ඉතා වැදගත් මූලාශ්‍රයකි. පැරණි කාසි පිළිබඳව හදාරන විෂය "නාණක විද්‍යාව" ලෙස හැඳින්වේ.

පුරාණ නටඹුන්

අතීතයේ මෙරට ජනතාව ජීවත් වූ ඇතැම් ස්ථාන තවමත් වනගතව පවතින බැවින් වනාන්තර ආශ්‍රිතව වුව ද මෙබදු නටඹුන් පවතී. ඓතිහාසික ස්ථාන හෝ පුරාවිද්‍යාත්මක ස්මාරක ලෙස හඳුන්වන මෙකී නටඹුන් මෙරට ඉතිහාසය හැදෑරීමේ හොඳ මූලාශ්‍රයකි. පැරණි ජනතාවගේ නිර්මාණාත්මක හැකියාව, තාක්ෂණය, වාස්තු විද්‍යාව, ශිල්පීය දක්ෂතාව, පරිසර සංරක්ෂණ හැකියාව, ජල පාලනය වැනි විවිධ අංශ පිළිබඳ නිරවුල් දැනුමක් ලබා ගැනීමට මෙම නටඹුන් උපකාරි වේ.

අභිලේඛන ලියා ඇති මාධ්‍ය

උදාහරණ

ශිලාලිපි

නිශ්ශංකමල්ල රජුගේ ගල්පොත ලිපිය

බිත්ති

සීගිරි ගී

තඹ තහඩු

පළමුවන විජයබාහු රජුගේ පනාකඩුව තඹ සන්නස

රන් තහඩු

වල්ල්පුරම් රන්පත

දැව

ඇම්බැක්කේ දේවාලයේ දැව කණුවල ලියූ ලේඛන

මැටි පුවරු

උළු හා ගඩොල් මත ලියූ අකුරු

භාජන

මැටි වළං, පාත්‍ර ආදියේ ලියූ අකුරු

අභිලේඛන ලියා ඇති එකිනෙකට වෙනස් මාධ්‍ය කිහිපයක්

ලෙන්ලිපි

ගල්ලෙන්වල කටාරම අසල ලියූ ලිපි

ගිරිලිපි

ගල් තලාවල හෝ ගල්කුළු මත ලියූ ලිපි

ටැම්ලිපි

සකස් කරගත් ගල්කුලුණු මත ලියූ ලිපි

පුවරුලිපි

සකස් කරගත් ගල්පුවරු මත ලියූ ලිපි

ආසනලිපි

මල් ආසන මෙන් තැබූ ගල්පුවරු මත ලියූ ලිපි

ලියා තිබෙන ස්ථානයේ ස්වරූපය පදනම් කරගෙන අභිලේඛන හැඳින්වීම සඳහා යොදන ව්‍යවහාර

චිත්‍ර මූර්ති හා පුරාවස්තු

පැරණි චිත්‍ර, මූර්ති හා කැටයම් ආදිය අපේ සංස්කෘතික ඉතිහාසය පෙන්නුම් කෙරෙන ජීවමාන සාක්ෂි ය.අතීත ජනතාවගේ ඇඳුම් පැළඳුම්, කලා කුසලතා, ආභරණ පරිහරණය, වර්ණ භාවිතය, ආගමික විශ්වාස ආදි බෝහෝ අංශ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට චිතූ, මූර්ති හා කැටයම් උපකාරි වේ.

සීගිරි චිත්‍ර උදාහරණයක් ලෙස ගතහොත් පැරණි කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම්, ආභරණ, කොණ්ඩා මෝස්තර, රූපලාවන්‍ය කටයුතු වැනි අංශ කිහිපයක තොරතුරු මෙමඟින් හමුවේ.

වැදගත් කරුණු

1. ඉතිහාසය හැදෑරීමට ඉවහල් වන දෑ හැඳින්වෙන්නේ මූලාශ්‍රය යනුවෙනි.

2. මූලාශ්‍රය සාහිත්‍ය සහ පුරාවිද්‍යාත්මක යනුවෙන් කොටස් දෙකකට බෙදිය හැකිය.

3. පැරණි කාලයේ රචනා කළ පොත්පත් ආදිය සාහිත්‍ය මූලාශ්‍රය ගණයට අයත් වන අතර නටඹුන් වී ඇති ගොඩනැගිලි, පුරාවස්තු ආදිය පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය ය.

4. ඉතිහාසය ඉගෙන ගැනීමෙන් පැරණි කාලයේ ජීවත් වූ ජනතාව විවිධ අත්දැකීම්වලට මුහුණ දුන් ආකාරය වටහා ගැනීමට හැකි වේ. එමඟින් ඒ හා සමාන වර්තමාන ගැටලුවලට මුහුණ දීමට අවශ්‍ය දැනුම ලබා ගැනීමට අවකාශයක් සැලසේ.

5. රටක ඉතිහාසය එම රටේ ජීවත් වන පුරවැසියන්ගේ අනන්‍යතාව පිළිබිඹු කරයි.
(c) Shilpa Sayura Foundation 2006-2017