විදේශීය මූලාශ්‍රය
 

අනුරාධපුරය යුගයේ මුල්කාලයේ සිට ම ශ්‍රී ලංකාව විදෙස් රටවල් සමඟ වෙළෙඳ සබඳතා පැවැත්වූ බැවින් විදේශිකයෝ මෙරට පිළිබඳ දැන සිටියහ. ක්‍රි.පූ. අවධියේ පවා විදේශිකයන් ලියූ ඇතැම් කෘතිවල ශ්‍රී ලංකාව පිළිබඳ යම් යම් තොරතුරු ඇතුළත් කර තිබේ.


මේ නිසා ඉන්දියාවේ ඇතැම් මූලාශ්‍රයවල ද ලංකාව පිළිබඳ තොරතුරු සඳහන් වේ. දකුණු ඉන්දියාවේ රචිත සිලප්පාදිකාරම්. මණිමේකලයි, පදිර්රුපත්තු ආදී දමිළ ග්‍රන්ථවල ද මෙරට පිළිබඳ තොරතුරු ඇතුළත් වේ.


16 වන සියවසේ දී පෘතුගීසින් ලංකාවට පැමිණීමෙන් පසුව මෙරට පිළිබඳ වෙන ම තොරතුරු ඇතුළත් කෘති රචනා කිරීමට විදේශිකයෝ පෙ‍ලඹුණහ. මෙරටට නොපැමිණි එහෙත් වෙනත් අයගෙන් අසා දැනගත් තොරතුරු මත පදනම් ව ලංකාව ගැන ලියූ ලේඛකයන් මෙන් ම ලංකාවට පැමිණ තොරතුරු අධ්‍යයනය කර ලියූ ලේඛකයන් ද සිටින බව පෙනේ.


චීන මූලාශ්‍රය

පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාව (බෞද්ධ රාජධානි පිළිබඳ විස්තර)

අරාබි මූලාශ්‍රය

ඉබන් බතුතාගේ දේශාටන වාර්තාව

පෘතුගීසි මූලාශ්‍රය

රිබෙයිරෝගේ ලංකාව පිළිබඳ ග්‍රන්ථය (රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය)

ඕලන්ද මූලාශ්‍රය

ෆිලිප්පස් බැල්ඩියස්ගේ කෘතිය (බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය)

ඉංග්‍රීසි මූලාශ්‍රය

රොබට් නොක්ස්ගේ කෘතිය (එදා හෙළදිව)

ශ්‍රී ලංකාවට පැමිණි කර්තෘවරු සහ ඔවුන්ගේ කෘති හා වාර්තා

සාහිත්‍ය මූලාශ්‍රයවල ප්‍රයෝජන

1. ඓතිහාසික කාල අනුපිළිවෙල සකස් කර ගැනීමට

2. එක් එක් අවධිවල දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික කටයුතු පිළිබඳ තොරතුරු ලබාගැනීමට

3. එක් මූලාශ්‍රයක් මඟින් ලැබෙන තොරතුරු තවත් මූලාශ්‍රයක් මඟින් සනාථ කර ගැනීමට

4. රටක විදේශීය සබඳතා අධ්‍යයනය කිරීමට (විදේශීය මූලාශ්‍රය මෙහි දී වැදගත් වේ)
(c) Shilpa Sayura Foundation 2006-2017