මෙය ද දේශීය සාහිත්‍ය මූලාශ්‍රය හා විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය වශයෙන් වෙන් කළ හැකිය. අදින් වසර දෙදහසකට පමණ ඉහත සිට ලාංකිකයන් කළ ගද්‍ය හා පද්‍ය කෘති දේශීය සාහිත්‍ය මූලාශ්‍රය ලෙස ගැනේ.
මීට අමතරව මෙරට පිළිබඳ විදේශිකයන් ලියූ කෘති, රචනා, නැතහොත් විදේශිකයන් ලියූ කෘතිවල ලංකාව පිළිබඳ තොරතුරු දැක්වීම හා ඔවුන් මෙරට තොරතුරු සඳහන් කරමින් ලියූ කෘති විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය ලෙස හැඳින්වේ.
දේශීය සාහිත්‍ය මූලාශ්‍රය
දීපවංශය ක්‍රි.ව. හතරවන සියවසේ දී පමණ රචනා කළ කෘතියකි.
මහසෙන් රාජ්‍ය සමය අවසානය තෙක් මෙරට ඓතිහාසික තොරතුරු හා ශාසන ඉතිහාසය සමිබන්ධ පුවත් මෙහි ඇතුළත්ය.
එහෙත් ඇතැම් ඓතිහාසික පුවත් දීපවංශයේ දක්වා ඇත්තේ ඉතා කෙටියෙනි.
පුනරුක්ති දෝෂ ද මෙහි දක්නට ලැබේ. මේ නිසා දීපවංශය තිබිය දී ම මහාවංසය රචනා කොට තිබේ.
මහාවංසය කොටස් කිහිපයකින් යුතු කෘතියකි. එහි මුල් කොටස අනුරාධපුරයේ දුක්සඳ සෙනවියා පිරිවෙනේ විසූ මහානාම නම් භික්ෂූන් වහන්සේ නමක් (ක්‍රි.ව. පස්වන හෝ හයවන සියවසේ පමණ) රචනා කොට ඇත.
මෙහි බුදුන් වහන්සේගේ ලංකාගමනයේ සිට මහසෙන් රාජ්‍ය සමය අවසානය තෙක් තොරතුරු රචනා කර තිබේ.
(මහාවංසයේ මුල් කොටස හා දීපවංසයේ ඇතැම් තොරතුරු අතර සමානතාවක් දක්නට ලැබීමෙන් මෙම මූලාශ්‍ර දෙකම රචනා කිරීමේ දී ඊට ප්‍රථම ලියැ වී තිබූ සීහලට්ඨකථා මහාවංසය, උත්තර විහාරට්ඨ කථා, විනයට්ඨ කථා ආදී මුල් ග්‍රන්ථවල ආභාශය ලැබී තිබීම ඊට හේතු වන්නට ඇත.)
මහානාම හිමියන මහාවංසයේ මුල් කොටස ලිවීමෙන් පසු ඒ ඒ කාලවකවානු වල තොරතුරු ඇතුළත් කොට අඛණ්ඩ කෘතියක් ලෙස මහාවංසය තවත් කොටස් කීපයකින් දීර්ඝ කර තිබේ. මෙ නිසා ශ්‍රී ලංකාවේ ඉතිහාසය මහාවංසය තුළ අඛණ්ඩව සඳහන් වී තිබේ. මෙහි සඳහන් ඇතැම් ඓතිහාසික සිදුවීම් ශිලාලිපි හා වෙනත් මූලාශ්‍රය මගින් තහවුරු වන නිසා මහාවංසය විශ්වසනීය මූලාශ්‍රයක් ලෙස සැලකේ.
මහාවංසයේ මුල් කොටස ලිය වී ශතවර්ෂ හතරකට පමණ පසු එම කෘතියේ ඇතැම් තැන් තවත් විස්තර කොට අර්ථ විවරණයට ටීකාවක් සම්පාදනය කෙරිණි. මහාවංස ටීකාව ලෙස හඳුන්වන එම කෘතිය වංසත්ථප්පකාසිනී යනුවෙන් නම් කර ඇත. වෙනත් මූලාශ්‍රවලින් නොලැබෙන තොරතුරු රැසක් එම ග්‍රන්ථයට ඇතුළත්ව තිබේ.
ලංකා ඉතිහාසයේ අනුරාධපුර යුගයේ සිට මහනුවර රාජ්‍ය සමය දක්වා කාලපරිච්ඡේදයෙහි දේශීය සාහිත්‍ය කෘති ලෙස සැලකිය හැකි තවත් ග්‍රන්ථ රැසක් රචනා වී ඇත.
ධර්ම ග්‍රන්ථ ලෙස බෝධිවංසය, ථූඵවංසය, ධාතුවංසය, පූජාවලිය, සද්ධර්මාලංකාරය ආදි කෘති රජරට ශිෂ්ටාචාර සමයේ ඉතිහාසය හැදෑරීමට වැදගත් වේ.
මෙරට ශාසන ඉතිහාසය ගැන ලිය වී ඇති නිකාය සංග්‍රහය, දේශපාලන තොරතුරු ඇතුළත් රාජාවලිය වැනි කෘති ගම්පොළ යුගයේ සිට කෝටිටේ රාජ්‍ය කාලය දක්වා ඉතිහාසය ඉගෙනීමට වැදගත් මූලාශ්‍රය වේ.
කෝට්ටේ රාජ්‍ය සමයේ සිට මහනුවර රජ සමය දක්වා ඉතිහාසය හැදෑරීමේ දී සංදේශ කාව්‍ය හා හටන් කාව්‍ය ආදිය ද වැදගත් ය.
මූලාශ්‍රය වර්ගය | උදාහරණ |
සංදේශ කාව්‍යය | මයුර සන්දේශය, තිසර සන්දේශය, සැලළිහිණි සන්දේශය |
ප්‍රසස්ති කාව්‍යය | පැරකුම්බා සිරිත |
හටන් කාව්‍යය | සීතාවක හටන, කොන්ස්තන්තිනූ හටන, ඉංග්‍රීසි හටන |
එකිනෙකට වෙනස් අන්තර්ගතයකින් යුත් පැරණි සාහිත්‍ය මූලාශ්‍රය කිහිපයක්
දේශීය සාහිත්‍ය කෘති විවිධ කාල වකවානුවල රචනා වූ ඒවා ය. ඒ ඒ කෘති රචනා කිරීමට බලපෑ හේතු ද විවිධ වේ. ඇතැම් කෘති රචනා වූයේ ඒවායේ සඳහන් ඓතිහාසික සිදුවීම් වලින් ශතවර්ෂ කිහිපයකට පසුවය. මේ නිසා ඉතිහාසය ගොඩනැගීමට සාහිත්‍ය මූලාශ්‍රය යොදා ගැනීමේ දී කාණා කිහිපයක් ගැන අවධානය යොමු කළ යුතු ය.
1. මූලාශ්‍රය රචනා වූ කාලය
2. මූලාශයේ කතුවරයා
3. කතුවරයාගේ අරමුණු
4. මූලාශ්‍රයට කරුණු සපයාගත් ආකාරය
මේ අනුව සාහිත්‍ය මූලාශ්‍රය පරිශීලනයේ දී විචාර බුද්ධියෙන් කටයුතු කළයුතු බව ඔබට වැටහෙනවා ඇත.
![](/sayura/images/logo2.png)