මූලාශ්‍රය වර්ගීකරණය
 

ඉතිහාසය යනු, අතීත ක්‍රියාකාරකම් හදාරන විෂයකි. අවුරුදු දහස් ගණන් ඈත කාලයේ ඒ ඒ අවධිවල මිනිසුන් ලියා තැබූ දේ හා ඔවුන්ගේ නිර්මාණ අපට දක්නට ලැබේ. එම ලේඛන හෝ නිර්මාණ මඟින් අතීත මිනිස් කටයුතු පිළිබඳ තොරතුරු ලබා ගත හැකි නිසා ඒවා මූලාශ්‍රය ලෙස හැඳින්වේ.


මෙබඳු මූලාශ්‍ර මඟින් ඒ ඒ කාල වකවානු හා සමාජ පරිසරය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය. මෙසේ මූලාශ්‍රවලින් ලබාගන්නා තොරතුරු තර්කානුකූලව හැදෑරීමෙන් එක් එක් කාලපරිච්ඡේදවල ජන ජීවිතය පිළිබඳ ඉතිහාසය ගොඩනැගේ.


ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී තොරතුරු ලබාගත හැකි මූලාශ්‍රය විශාල ප්‍රමාණයක් ඇති බැවින් ඒවා වර්ග දෙකකට වෙන් කෙරේ.


1. සාහිත්‍ය මූලාශ්‍රය

2. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය


අතීත මිනිසුන් විවිධ කාල වකවානුවල ලියූ ග්‍රන්ථ හෝ ලේඛන සාහිත්‍ය මූලාශ්‍රය ලෙස සැලකේ.

පුරාවිද්‍යා කැණීම් හා පර්යේෂණ මඟින් සොයා ගැනෙන පුරාවස්තු, ස්මාරක, කාසි, ශිලාලිපි හා විවිධ නටඹුන් ආදිය පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය ලෙස සැලකේ.

(c) Shilpa Sayura Foundation 2006-2017