බුද්ධ ප්‍රතිමාවල දැක්වෙන ප්‍රධාන මුද්‍රා
  බුද්ධ ප්‍රතිමාවල දැක්වෙන ප්‍රධාන මුද්‍රා 7ක් තිබේ.
මුද්‍රා වලින් සිදුවන්නේ යම්කිසි අදහසක් ලබා දීමයි.

1. සමාධි මුද්‍රාව (ධ්‍යාන මුද්‍රාව),
2. අභය මුද්‍රාව (නවතින්න, මාවෙත එන්න කරයි)
3. ධර්ම චක්‍ර මුද්‍රාව (ධර්මය දේශනා කරන ආකාරය)
4. වරද මුද්‍රාව(වරදානය කිරීමේ මුද්‍රාව)
5. භූමි ස්පර්ශ මුද්‍රාව (මරු පැරදවූ බව)
6. විතර්ක මුද්‍රාව (නරක දේ බැහැර කොට හොඳ දේ තෝරා ගන්න) 
7. පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව

1. සමාධි මුද්‍රාව (ධ්‍යාන මුද්‍රාව)

ලාංකික බුදු පිළිමවල බහුලව හමුවන මුද්‍රාවකි. මෙය හිදි පිළිම වල පමණක් දක්නට ලැබේ. මෙහි ඉරියව් ලෙස වීරාසන හෝ පද්මාසන ශෛලියෙන් හිද උඩ අතට විවෘත කළ වම් අත්ල උඩ දකුණු අත්ල පිහිටා සිටීම ධාන්‍ය මුද්‍රාව වශයෙන් හැදින්වේ. මෙයින් අධ්‍යාමික ලක්ෂණ පෙන්වයි. ශාන්ත බව සන්සුන් ඉදුරන් ඇති බව හා දමනය කොටගත් අධ්‍යාත්මික ලක්ෂණ පිළිඹිබු වේ.


උදා :- අනුරාධපුර සමාධි බුද්ධ ප‍්‍රතිමාව, තොළුවිල බුද්ධ ප‍්‍රතිමාව.



අභය මුද්‍රාව (නවතින්න, මාවෙත එන්න කරයි)


3. ධර්ම චක්‍ර මුද්‍රාව (ධර්මය දේශනා කරන ආකාරය) 

 මෙහි ඉරියව්ව ලෙස දකුණු අත්ල පිටතට හරවා පපුවේ මට්ටමට තබා ගෙන එහි දබර ඇගිල්ලේ හා මාපටගිල්ලේ තුඩු දෙක කවයක් සෑදෙන සේ එකට තබා ඇතුලට හැරවුණු වම් අතේ ඇගිල්ලක් ස්පර්ශ කරන අයුරින් තබා සිටීම මෙහි ක‍්‍රමයයි. මෙයින් අර්ථ ගැන්වෙන්නේ බුදුන් වහන්සේ ප‍්‍රථම ධර්ම දේශනය පැවැත්වූ අයුරුයි.

උදා :- රංගිරි දබුළු පිළිමය



4. වරද මුද්‍රාව(වරදානය කිරීමේ මුද්‍රාව) 

ලාංකීය බුදු පිළිම තුළින් සාක්ෂි හමු නොවේ. මෙහි ඉරියව් ලෙස දකුණු අත පහත් කොට ඉදිරියට දිගහැර අත්ල උඩු අතට හරවා ඇගිලි දිග හැර තිබීම මෙහි ලක්ෂණය වේ. කිසියම් වරයක් ඉල්ලීම මෙයින් අදහස් වේ.

උදා :- සාරානාත් කෞතුකාගාරයේ තබා ඇති සාරානාත් බුද්ධ ප‍්‍රතිමාව. අජන්තා ගල්ලෙන් පිළිම නේපාලයේ සවයම් භූතාන්ති ප‍්‍රතිමාව



5. භූමි ස්පර්ශ මුද්‍රාව (මරු පැරදවූ බව)

මෙය ලාංකික බුදු පිළිම වල දැකීමට නොහැකිය. භාරතීය පිළිම කලාවේ දක්නට ලැබේ. මෙහි ඉරියව්ව ලෙස දකුණු අත දකුණු දණහිස උඩින් අත්ල ඇතුලට සිටින ආකාරයෙන් සියලූ ඇගිලි දිගහැර පහතට යොමුව තිබීම දැකිය හැකිය. ඉන් අර්ථගැන්වෙන්නේ මාර පරාඡය කොට බුද්ධත්වය ලබනා විට මාර සේනාව හමුවේ සියලූ දෙනා ඉවත්ව ගියද ඉතිරිව සිටි මිහිකතට කෘතගුණ සැලකීම මෙයින් අදහස්වේ.

උදා :- බොරෝ බුදුර් - ඉන්දුනීසියාව


6. විතර්ක මුද්‍රාව (නරක දේ බැහැර කොට හොඳ දේ තෝරා ගන්න)

ලංකාවේ බුදු පිළිම වල බොහෝසේ දක්නට ඇත. විතර්ක මුද්‍රාව, කටක මුද්‍රාව, ව්‍යාඛ්‍යාත මුද්‍රාව, ඥාන මුද්‍රාව, සන්දර්ශන මුද්‍රාව, හැවින් මුද්‍රාව යන නම් වලින් ද හැදින්වේ. මෙහි ඉරියව්ව ලෙස අත්ල පසු පස පදෙසට ප‍්‍රමාණ වන පරිදි දකුණු අත උඩට නමා දබර ඇගිල්ල මා පටගිල්ල උඩට කවයක් ඇතිවන ආකාරයෙන් තබා සිටීම මෙහි ලක්ෂණ වේ. මෙයින් කිසියම් ධර්ම ගැටලූවක් විසදන ආකාරය කියවේ.



7. පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව
දෙඅත් පපුව මත සිටින පරිදි දැක්වෙන මෙම මුද්‍රාව එතරම් සුලභ නොවේ. උදා :- ගල් විහාර හිටිපිලිමය. (මෙබඳු පිළිමයක් තිස්සමහාරාමයේ යටාල වෙහෙරින් හමු විය.)


(c) Shilpa Sayura Foundation 2006-2017