මුටසිව ක්‍රි.පූ. 367-307
 

ක්‍රි.පූ. 367-307
අගනගරය - අනුරාධපුරය (පාලන කාලය අවු.60 යි)


පඬුකාභය රජුගෙන් පසු ඔහු පුත් මුටසීව නම් කුමරු රාජාභිෂේක ලැබ අනුරාධපුරයෙහි සැට අවුරුද්දක්‌ රාජ්‍යය කළ බව කියා තිබේ. මේ රජ මහාමේඝ වන නම් උයනක්‌ කරවීය. උයන ආරම්ශ කළ විට අකාලයේ මහ වැස්‌සක්‌ වැස්‌ස හෙයින්, 'මහාමේඝ' යන නාමය ව්‍යවහාර වූයේ යයි කියති. මේ රජුට පුත්‍රයෝ දස දෙනෙක්‌ ද දූවරු දෙදෙනෙක්‌ ද වූහ.

පණ්‌ඬුකාභය රජු තිස්‌හත් වයසේදී රාජ්‍යශ්‍රීයට පැමිණ හැත්තෑ අවුරුද්දක්‌ රාජ්‍යය කළ බව ද ඔහු ඇවෑමෙන් ඔහු පුත් මුටසීව රාජ්‍යය ලැබ සැට අවුරුද්දක්‌ රජ කළ බව ද 'මහා වංශයෙහි' සඳහන් වේ. මිනිස්‌ ආයුෂ ප්‍රමාණය අනුව මෙය අසාමාන්‍ය දෙයක්‌ බැවින් මෙහි යම් කිසි වැරැද්දක්‌ ඇති බව සිතිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017