එන්ජිම හා ගියර
 එන්ජිම
Q. එන්ජිමට තෙල් (එන්ජින් ඔයිල්) යෙදීමට හේතුව 
එන්ජිමේ කොටස් අතර ඝර්ෂනය අඩුකර කොටස් ගෙවීයාම, රත්වීම අවම කිරීමට.

Q. එන්ජිමේ තෙල් මට්ටම පරීක්ෂා කරන්නේ කුමක් මගින්ද?
ඩීප් ස්ටික් මගිනි.

Q. එන්ජිමේ තෙල් මට්ටම අඩුවීමට හේතුව
තෙල් කාන්දුවක් පැවතීම හෝ අනවශ්‍ය පරිදි තෙල් පිච්චීම

Q. වාහනයට ඉන්ධන පිරවීමේදී එන්ජිම
එන්ජිම නවතා තැබිය යුතුය.

Q. ඉන්ජිම අනවශ්‍ය පරිදි රත්වන්නේ ඇයි
ෆෑන් බෙල්ට් එක බුරුල් වීමෙන්, රේඩියේටරයේ වතුර නොමැති වීමෙන් හෝ වතුර කාන්දුවක් පැවතීමෙන් විය හැක.

Q. එන්ජිම රත්වී ඇති බව දැනගන්නේ කෙසේද?
ඉන්ඩිකේටර් බල්බය මගින් හෝ රේඩියේටරයේ වතුර උණු වීමෙන්

Q. රේඩියේටරය බොයිල් කරන විට කළ යුත්තේ කුමක්ද?
වාහනය නතරකර, ඉන්ජිම නවතා, රේඩියේටරයේ වතුර සිසිල් වීමට ඉඩ හරින්න. ඉන්පසුව වතුර පුරවන්න.

Q. එන්ජිම පණගැන්වීමට නොහැකි වන්නේ ඇයි?
බැටරිය දුර්වල වීම, ස්ටාටර් මෝටරය ක්‍රියාත්මක නොවීම හෝ එන්ජිම හිරවීම

Q. එන්ජිම පණගන්වනවිට ඇද ඇද ක්‍රියාකරන්නේ ඇයි
බැටරිය දුර්වල වීම හෝ ස්ටාටර් මෝටරය දුර්වල වීම

Q. ෆෑන් බෙල්ට් එක බුරුල්වූ විට කුමක් වේද?
ඉන්ජිම අධිකව රත්වේ. බැටරිය අරෝපණය නොවේ.

ගියර්
Q. ගියර් පෙට්ටියක් පැවතීමේ අවශ්‍යතාව කුමක්ද?
වාහනයේ වේග මාරු කිරීමට.

Q.ගියර් දැමීමට අපහසු වන්නේ ඇයි? 
ක්ලචය නිසි පරිදි ක්‍රියා නොකිරීම හෝ ගියර පෙට්ටියේ දෝෂයක් නිසා.

(c) Shilpa Sayura Foundation 2006-2017