පාපැදියන් සඳහා උපදෙස්
 

14. මාර්ගයට පිවිසීමට ඔබ යෝග්‍ය තත්ත්වයෙන් සිටින්නේදැයි මැනැවින් දැනගන්න. ඔබගේ පාපැදිය යාන්ත්‍රික වශයෙන් හොඳ තත්ත්වයේ තිබේදැයි පරික්ෂා කර බලන්න. එහි ආසනය හා හැඬලයේ මිට ඔබගේ නිවැරදි උසට සරිලන සේ පිහිටුවා ඇති බවටත්, වාර්ෂික බලපත්‍ර තහඩුව පැහැදිලිව පෙනෙන ස්ථානයක සවිකර ඇති බවටත් පරික්ෂාකාරි වන්න.

15. රාත්‍රී කාලයේදී ඔබගේ පාපැදියෙහි ඉදිරිපසින් සුදු පැහැති ආලෝකයෙන් යුත් ලාම්පුවක් සහ පසුපසින් රතු පැහැති ආලෝකයකින් යුත් ලාම්පුවක් හෝ රතු පැහැති පරාවර්තනයක් හෝ රැගෙන යා යුතුය. පරාවර්තනය අවම වශයෙන් සෙ.මී. 3.75 (අඟල් 1 1/2)ක වත් විෂ්කම්භයකින් යුක්ත විය යුතුය. ඔබගේ පාපැදියේ පසුපස මඩවරණයෙහි (මඩ්ගාඩ්) පතුලේ සිට සෙ.මී. 23 (අඟල් 9) ක් උසට සුදු පැහැයෙන් පින්තාරු කළ යුතුය. නිතරම අඳුර වැටුණු විගසම ඔබගේ ලාම්පු ක්‍රියාත්මක කරන්න. රාත්‍රී කාලයේදී ඔබගේ ලාම්පු දල්වා තිබේ නම් සහ ඔබ ලා පැහැති ඇඳුම් ඇද සිටින්නේ නම්, ඔබ කරා ළඟාවන වාහන වලට ඔබව වඩා හොඳින් දැකගත හැකිවේ.


16. මාර්ගයේ පාපැදි ධාවන තීරුවක් සපයා ඇත්නම් නිතරම නිතරම එය පාවිච්චි කරන්න. එහෙත් පාපැදි ධාවන තීරුවක් නැතිනම්, මාර්ගයේ වම් පැත්තේ අයිනේ ගැටියට ආසන්නව ගමන් කරන්න. නිතරම තනි තනිව එකිනෙකා පසුපස මිස එක පෙළට දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටින සේ නොපදවන්න.


17. අතින් සංඥා දෙන විට හැර නිතරම ඔබගේ දෑතම හැඬලය මත තබාගන්න. පාපැදිය හරවන විට ඔබේ අත් දෙකම හැඬලය මත තබාගන්න. සංඥාවක් කල්වේලා ඇතිව දී, අනෙකුත් වාහනවල වේගය පිළිබඳ සැලකිලිමත් වී, අවශ්‍ය පරිදි වාහනය හැසිරවීමට හැකිදැයි මැනවින් දැනගන්න. පාපැදිය නිසියාකාරව හසුරුවා ගැනීමෙහි ලා බාධාකාරි වන කිසිවක් රැගෙන නොයන්න.


18. පාපැදියක් පදවන විට ධාවනය කරමින් සිටින වෙනත් පාපැදි කරුවෙකු හෝ වෙනත් වාහනයක් අල්ලාගෙන නොපදවන්න.

19. රථ ධාවන අතරින් පතර එහා මෙහා රිංගා යන සේ නොපදවන්න.

20. නවතා ඇති වාහනයක් පසුකර යන විට, එම වාහනය තුළ සිටින්නවුන් අපරික්ෂාකාරී ලෙස වාහනයේ දොරවල් විවෘත කරන්නේදැයි ප්‍රවේශම් වන්න. තවද, වඩා වේගයෙන් ගමන් කරන අනෙකුත් වාහන විසින් ඔබ සහ නවතා ඇති වාහන පසුකරන්නේදැයි ප්‍රවේශම් වන්න.

21. කුඩා මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට පිවිසීමේදී ඉතා ප්‍රවේශම්කාරි වන්න. නිතරම ප්‍රධාන මාර්ගයට ඇතුළුවීමට පෙර ඔබගේ වාහනය නවත්වන්න. ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රථ වාහනවලට ඉඩදෙන්න.

22. එක් දිශාවකට පමණක් වාහන ගමන් කරන මාර්ගයකදී හෝ වටරවුමකදී රථ වාහන ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට නොපදවන්න.
(c) Shilpa Sayura Foundation 2006-2017