පාගාමීහු
5. ළමයින්ට මාර්ගයේ සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන්න. ළමයින් සමඟ පයින් ගමන් කරන විට, ඔවුන්ව රථ ධාවන පථයෙන් ඈත්ව රැගෙන යන්න. මාර්ගයේ ආරක්ෂාව පිළිබඳව ඔවුන්ට මුල් අවදියේම උගන්වා සැමවිටම ඔවුන්ට හොඳ ආදර්ශයක් දෙන්න.
6. පැති මඟක් හෝ අඩිපාරක් සපයා ඇත්නම්, නිතරම එය පාවිච්චි කරන්න. පැති මඟක් හෝ අඩිපාරක් සපයා ඇත්නම්, නිතරම එය පාවිච්චි කරන්න. පැති මඟක් හෝ අඩිපාරක් නොමැති නම්, ඉදිරියෙන් එන රථ වාහනවලට මුහුණ ලා මාර්ගයේ දකුණු පැත්තෙන් ගමන් කරන්න.
7. රථ වාහන ගමනාගමනයට මාර්ගයේ හැකිතාක් දුරට ඉඩදී වඩා සුදුසු පරිදි තනි තනිව එකිනෙකා පසුපස ගමන් කරන්න. එක පෙළට දෙදෙනෙකුට වඩා සිටින සේ කිසිවිටෙක ගමන් නොකරන්න. පාගාමීන් මාරුවන ස්ථානවලදී හෝ පැතිමංවලදී හැර, පාගාමීන් විසින් රථවාහන ගමනාගමනයට ඉඩදිය යුතුය.

8. අඩිපාරක් සපයා නොමැති නම්, විශේෂයෙන්ම රාත්රී කාලයේදී ලා පැහැති ඇඳුමින් සැරසී හෝ සුදු පැහැති යමක් රැගෙන මාර්ගයේ ගමන් කරන්න. අඩු ආලෝකයකින් යුත් අවස්ථාවලදී ඔබ මාර්ගයේ සිටින බව රියදුරන් හට වඩා හොඳින් දැකගත හැකිවනු ඇත.
9. මාර්ගයක් හරහා ගමන් කිරීමට ඔබට සිදුවේ නම්, පාගාමීන් මාරුවන ස්ථානයක් හෝ මගී පාලමක් හෝ පෝළොව යටින් පිහිටි පාගාමීන්ගේ මාර්ගයක් තිබේදැයි සොයා බලන්න. ඔබ සිටින ස්ථානයේ සිට 50 m ඇතුළත එකී ස්ථානයන්ගෙන් එකක් ඇත්නම් එම ස්ථානයකදී මාර්ගය හරහා ගමන් කළ යුතුය. මාර්ගය හරහා යා යුත්තේ එකී මාරුවන ස්ථානයෙන් මිස, දගර ඉරිවලින් පෙන්වා ඇති ප්රදේශය හරහා නොවේ.
10. එවැනි සළකුණු කරනු ලැබූ මාරුවන ස්ථානයක් නොමැති නම්, ඔබ මාර්ගය හරහා ගමන් කිරීමට පෙර, නතර වී රථ වාහන ගමන් කරන ආකාරය දෙස හොඳින් බලා රථ වාහන අතරතුර ආරක්ෂාකාරීව ඉඩක් ලැබෙන තුරු සිටින්න. දකුණු පැත්ත බලන්න. වම් පැත්ත බලන්න. නැවත දකුණු පැත්ත බලා, ආරක්ෂක සහිත නම් කඩිනමින් කෙළින්ම මාර්ගය හරහා ගමන් කරන්න. නවතා ඇති වාහනයක් පිටුපසින් හෝ ඉදිරියෙන් මාර්ගය හරහා ගමන් කළ යුත්තේ ඒ සඳහා කපොලු සළසා ඇති ස්ථානවලදී පමණකි. එම ආරක්ෂක වැටවල් වලින් පැනීම හෝ ඒවාට පිටතින් ගමන් කිරීම හෝ නොකළ යුතුය.
11. මංසන්ධියකින් හැරෙන ස්ථානයකදී පාගාමීන් සඳහා ඇති අඩිපාර පටුවිය හැකි නිසා හෝ එවැනි අඩිපාරක් කොහෙත්ම නැති විය හැකි ප්රවේශමෙන් ගමන් කළ යුතුය. විශේෂයෙන්ම දිග වාහනයක් එම ස්ථානයෙන් හැරෙන වේලාවල්වලදී වඩාත් ප්රවේශම් විය යුතුය.
12. ඉහත රූපයේ දැක්වෙන පරිදි පාගාමීන් මාරුවන ස්ථානයකදී ඔබ මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමට පෙර, රියදුරුට ඔබ දැක ගැනීමටත්, ඔබ මාර්ගය හරහා ගමන් කිරීමට පටන් ගැනීමට පෙර වාහනයේ වේගය අඩුකර, වාහනය නවතා ගැනීමටත් සෑහෙන කාල වේලාවක් දිය යුතුය. මාරුවන ස්ථානයට ඔබගේ පා තබා නොමැති නම්, ඔබ වෙනුවෙන් රියැදුරු රථය නැවැත්විය යුතු නොවේ. ආලෝකය අඩුනම් හෝ මාර්ගය තෙත්ව පවතී නම් වඩාත් ප්රවේශම්කාරී වන්න.