විද්‍යා චක්‍රවර්ති
 

බුදුන්වහන්සේ කෙරෙහිත් උන්වහන්සේ ගේ ධර්මය කෙරෙහිත් ඉමහත් භක්‌තියෙන් ලේඛණයෙහි යෙදුණ ලේඛකයන් අතුරින් විද්‍යා චක්‍රවර්ති පඬිවරයාට හිමි වන්නේ මුල් සථානයකි. මොහුගේ නම අප්‍රකට නමුත් "විද්‍යා චක්‍රවර්ති" මෙතුමා ලද උපාධියක්‌ බව සැලකේ.

භාරත දේශයේ 9-10 සියවස්‌ තුල එනම් අනුරාධපුර යුගයේ අවසන් කාර්තුවෙත් පොළොන්නරු යුගයේ මුල් කාර්තුවෙත් මෙතුමා මෙම උපාධිය ලබාගන්න ඇතැයි සැලකිය හැකිය. මෙතුමන් විසින් රචිත බුත්සරණ-දහම් සරණ-සඟ සරණ වැනි ග්‍රන්ථ බෞද්ධ ශාසනයේ දියුණුවට මෙන්ම සිංහල සාහිත්‍ය පෝෂණයට ඉමහත් දායාදයක්‌ විය.

චක්‍රවර්ති ශුරීන් ගේ කවිත්වයත් ලේඛණයේ ශුර බවත් ලක්‌ සංස්‌කෘතියේ පැවැත්මටත් සාහිත්‍යයේ දියුණුවටත් තියුණු මාර්ගෝපදේශක්‌ ම වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017