අනාගතයේදී නැනෝ තාක්ෂණය කෙසේ භාවිතයට ගත හැකිද?
  විශ්මිත ප්‍රතිඵල ලබා ගත හැකි නැනෝ තාක්ෂණික ඖෂධ දැනට සායනික පර්යේෂණ තත්වයේ පවතියි. පටක වල අසාමාන්‍ය ලෙස වර්ධනය වී ඇති ස්ථාන (tumers) විනාශ කිරීමට අවශ්‍ය විෂ ඖෂධ (toxines), නැනෝ අංශු මගින් කෙලින්ම අදාල ස්ථානයට යවනු ලැබේ. එමගින් නීරෝගී සෛල වලට සිදුවන හානිය අවම කළ හැක. තවද MRI හා CAT පරිලේකන යන්ත්‍ර වැනි වෛද්‍ය විද්‍යාත්මක උපකරණ වඩාත් සුරක්ෂිත හා නිරවද්‍ය ලෙස නිර්මාණය කිරීමට භාවිත කරයි. නිවාස, රථවාහන හා ව්‍යාපාර සඳහා බලශක්තිය වඩාත් කාර්යක්ෂම ලෙසභාවිත කිරමට නව ඉන්ධන, වියලිකෝෂ හා සුර්ය කෝෂ ආදිය නැනෝ තාක්ෂණයමගින් නිපදවිය හැක. පානීය ජලය පවිත්‍ර කිරීම හා ජලයේ පවිත්‍රතාවය පරීක්ෂා කිරීම සඳහාත් අපද්‍රව්‍ය බැහැර කිරීමේදී ඒවා විනාශ කිරීම සඳහාත් නැනෝ තාක්ෂණික යෙදවුමි සොයා ගැනීමට විද්‍යාඥයෝ උත්සහ කරති.

ඇසුරුමිකරණය්දී නැනෝ සංවේදක භාවිත කිරීමෙන් ආහාරමත වර්ධනය වන රෝග කාරක විශබීජ හඳුනාගැනීමේ හැකියාවක් නුදුරේදීම ලැබෙනු ඇත. වර්තමානයේදී ගොඩනැගිලි, පාලම්, රථවාහන නිශ්පාදනය සඳහා භාවිත කරනු ලබන ද්‍රව්‍ය වලට වඩා ශක්තිමත්, සැහැල්ලු හා කල් පවතින නැනෝ ද්‍රව්‍ය ඉදිරියේදී හඳුනා ගනු ඇත.

ආලෝකය වර්තනය කල හැකි රෙදිපිළි නිශ්පාදනය සම්බන්ධ පර්යේෂණ, විද්‍යාඥයන් විසින් සිදු කරනු ලබන අතර අනාගතයේදී එමගින් "අදෘශ්‍යමාන කබායක්" (invisibility cloak) නිර්මාණය කළ හැකි වනු ඇත.

නැනෝ තාක්ෂණය සම්බන්ධ උනන්දුව වැඩිවීමත් සමග අසීමිත ලෙස නව නිපැයුම් බිහිවිය හැකි බවත්, අනාගතයේදී එය ලෝකයේ හා විද්‍යාවේ දියුණුවට බෙහෙවින් බලපානු ඇති බවත් උපකල්පනය කළ හැකිය.
(c) Shilpa Sayura Foundation 2006-2017