නැනෝ තාක්ෂණය වැඩි වශයෙන් භාවිත වන්නේ වාණිජ නිශ්පාදන හා ක්‍රියාවලින් වලදීය. සැහැල්ලු ටෙනිස් පිති, බේස් බෝල් පිති, හා බයිසිකල් වැනි නිශ්පාදන කිරීමේදී ඒවායේ සවිශක්තිමත් බව වැඩි කිරීමට නැනෝ පදාර්ථය යොදා ගනීයි. නැනෝ ව්‍යුහික ස්ඵටික රසායනික නිශ්පාදන ක්‍රියාවලි වල කාර්යක්ෂමතාවය වැඩිකරගැනීමටත්, බලශක්තිය ඉතිරිකිරීමටත්, නිශ්ඵල අතුරුඵල ඇතිවීම වැලැක්විමටත්, යොදාගනියි.
සමහර ඖෂධ නිශ්පාදනයේදී ඒවායේ අවශෝෂණ හැකියාව වැඩිදියුණු කිරීමටත් එවායේ පාලනය පහසු කිරීමටත් නැනෝ අංශු මිශ්‍ර කරන ලද නව රසායනික සුත්‍ර හඳුන්වාදී ඇත. ඇස්කණ්ණාඩි නිශ්පාදනයේදී එම වීදුරු පිරිසිදු කිරීම පහසු කිරීමටත්, සීරීමි වලට ප්‍රතිරෝධීවීමටත් නැනෝ ආලේපන යොදයි. රෙදිපිළි මත නැනෝ පදාර්ථ භාවිතයෙන් ආලේපන (coating) යෙදීමෙන් පැල්ලම් ඇතිවීමට ප්‍රතිරෝධී රෙදිපිළි නිශ්පාදනය කර ගත හැකිය.
නැනෝ සෙරමික් වර්ග දන්ත වෛද්‍ය කටයුතු වලදී දත් පිරවීමටත්, අස්ථි පිළිකාවක් ඉවත් කළ පසු ඇතිවන සිදුර පිරවීමටත් භාවිත කරයි. එසේ භාවිත කළ හැකි වන්නේ නැනෝ සෙරමික් අංශු වලට අවට පවතින පටකයේ ලක්ෂණ වලට අනුවර්තනය විය හැකි බැවිනි. පසුගිය දශකය තුළ නිශ්පාදනය වු බොහොමයක් ඉලෙක්ට්‍රොනික උපාංග සඳහා භාවිතා කරනු ලැබුවවේ නැනෝ පදාර්ථයයි. නැනෝ තාක්ෂණය වඩාත් පුළුල් ලෙස භාවිතයට ගැනීමේදී 2007 හා 2008 වර්ෂ වලදී වේගවත් හා දියුණු පරිගණක චිපයන් සඳහා නව ට්‍රාන්සිස්ටර හා අන්තර් සම්බන්ධක නිපදවීම සිදු කර තිබෙනවා.