මෙසේ හදුන්වනු ලබන්නේ ඒවා එක එකෙහි හැඩය සහ සලකනු ලබන පරිමාණය අනුව නැනෝ පදාර්ථයට ලබා දෙන නාමයන්ය. මෙය සරළවම කියන්නේ නම්, එම අංශු, නාලිකා හා පටල වල එක්මානයක් හෝ ඊට වැඩිමාන ගණනකක් නැනෝ පරිමාණයේ වේ. නැනෝ අංශු යනු, උස, දිග, පළල යන මාන වලින් එකක් හෝ වැඩි ගණනක් නැනෝ පරිමාණයේ පවතින පදාර්ථ ස්වල්පයකි.
නැනෝ නාලිකා වල විශ්කම්භය නැනෝ පරිමාණයේ වේ. නමුත් ඒවායේ දිග නැනෝමීටර සිය ගණනක් හෝ ඊට වැඩි ගණනකි. නැනෝ ඵලක හෝ නැනෝ පටල වල ඝනකම නැනෝ පරිමාණයේ වේ. නමුත් ඒවායේ අනෙක් මාන ඊට වඩා බෙහෙවින් විශාල විය හැක.
නැනෝ නාලිකා වල විශ්කම්භය නැනෝ පරිමාණයේ වේ. නමුත් ඒවායේ දිග නැනෝමීටර සිය ගණනක් හෝ ඊට වැඩි ගණනකි. නැනෝ ඵලක හෝ නැනෝ පටල වල ඝනකම නැනෝ පරිමාණයේ වේ. නමුත් ඒවායේ අනෙක් මාන ඊට වඩා බෙහෙවින් විශාල විය හැක.
