නැනෝ තාක්ෂණය යනු නැනෝ මීටර 1 ත් 100 ත් අතර පරිමාණයේ පදාර්ථය සතු සුවිශේෂි ලක්ෂණ අවොබෝධ කර ගැනීමත් එම ලක්ෂණ පාලනය කරමින් නව නිමැවුම් හා යෙදවුම් සඳහා භාවිත කිරීමත්ය. නැනෝ තාක්ෂණය යන සංකල්පයට නැනෝව, ඉංජිනේරු විද්‍යාව හා තාක්ෂණය යන විෂයන් අයත් වේ. නැනෝ පරිමාණයේ පදාර්ථය සම්බන්ධ ආකෘතිකරණය (Modeling) ඇඹීම, ගණනය හා මැනීම සදහා නැනෝ තාක්ෂණය වැදගත්වේ.
නැනෝ පරිමාණයේ පදාර්ථය සතු ලක්ෂණ, සාමාන්‍ය අවස්ථාවේ ඇති ලක්ෂණ වලින් වෙනස් වේ. රසායනික ප්‍රතික්‍රියාතාවය වැඩි වීම, ඉහල සන්නායකතාවයක් තිබිම, හා ශක්තිමත් බාවය දැනීම මෙහි ලාවිශේෂ තැනක් ගනී. නැනෝ පරිමාණයේදී ගුරුත්වාකර්ෂණ බලයට වඩා පෘෂ්ඨික ආතති බලය හා වැන්ඩවාල්ස් බල වැදගත්වේ. 17 වන සියවසේදී අයිසැක් නිවුටන් විසින් ඉදිරිපත් කළ නිවුටන් නියම නැනෝ පරිමාණයේ අංශු සඳහා වලංගු වන්නේ නැත.
නැනෝ අංශු වල ස්වභාවය විස්තර කළ හැක්කේ 20 වන සියවසේ ඉදිරිපත් වු ක්වොන්මි වාදය මගිනි. මෙම වාදයෙන් සාකචිඡා කරනු ලබන්නේ, පරමාණුක හා උප පරමාණුක අංශු වල තරංග හා අණුක ගණන පිළිබඳවයි. නැනෝ පරිමාණය මත රදා පවතින මෙම සුවිශේෂි ලක්ෂණ පිලිබද පර්යේෂණ පවත්වන පර්යේෂකයන් මෙය නැනෝ විද්‍යාව ලෙස හදුන්වනු ලබන අතර, එම ලක්ෂණ ඵලදායි ලෙස තාක්ෂණය සදහා යොදා ගැනිම නැනෝ ඉංජිනේරු විද්‍යාව ලෙස හදුන්වයි.
**********************************************

1.පියවි ඇසට නොපෙනෙන කුඩා වස්තුවල ප්‍රමාණ මැනීමට නැනෝ මීටර යන පරිමාණය යොදා ගනී. නැනෝ මීටරයක් යනු මීටරයෙන් බිලියනයෙන් පංගුවකි.(0.00000000 lm).
2.මිනිස් අවශ්‍යතා සදහා ඉතා කුඩා නැනෝ අංශු භාවිතා කර,විවිධ නිෂ්පාදන හා ක්‍රියාකාරි පද්ධති නිර්මාණය කිරීම නැනෝ තාක්ෂණයේදී සිදු කෙරේ.
3. නැනෝ මීටර් 1-100 ත් අතර පවතින අංශු මේ සදහා යොදා ගැනෙයි.
4. නැනෝ තාක්ෂණයේදී නැනෝ අංශු අවශ්‍යතාවයට උචිත පරිදි ක්‍රමවත්ව ස්ථානගත කර ගැනීමෙන් උසස් ගුණ සහිත නැනෝ ලෝහ, නැනෝ බහු අවයවක, විවිධ ඉලක්ක සොයා යන ඖෂධ වැනි නිෂ්පාදන මෙන්ම නැනෝ රොබෝවරු, නැනෝ පරිගණක වැනි කාර්යක්ෂම ක්‍රියාකාරි පද්ධති (අණුක යන්ත්‍ර) ද නිර්මාණ කළ හැකිය.