නැනෝ පදාර්ථය යනු මොනවාද?
  "නැනෝ පදාර්ථය" යන යෙදුම නැනෝ මීටර 1 ක් 100 ත් අතර ප්‍රමාණයේ ද්‍රව්‍ය හැදින්වීමට භාවිත කරයි. එයට මිනිසා විසින් නිර්මිත නැනෝ ප්‍රමාණයේ ද්‍රව්‍ය ආගන්තුක නැනෝ අංශු හා ස්වභාවික පරිසරයේ හමුවන නැනෝ ප්‍රමාණයේ වස්තූන් අයත් වේ. අප විසින් අවශ්‍යතා සඳහා කෘතිමව නිපදවනු ලබන නැනෝ පරිමාණයේ අංශුන් "ඉංජිනේරු ශිල්පීය නැනෝ අංශු" ලෙස හදුන්වනවා. මෙයට අමතරව නැනෝ අංශු ඇතිවීමේ තවත් ක්‍රම 2 ක් පවතියි. දහනය, කාර්මික නිශ්පාදන හා වෙනත් මිනිස් ක්‍රියාකාරම් වල අතුරු ඵල ලෙස නැනෝ අංශු නිර්මාණය වේ.

ඒවා "ආගන්තුක නැනෝ අංශු" නම් වේ. මුහුදු ඛාදනය (sea spray), පස සෝදා යාම වැනි ස්වාභාවික ක්‍රියාවලි නිසාද නැනෝ අංශු නිර්මාණය වේ. සජීවීන්ගේ දේහ තුල සිදුවන බොහොමයක් ජීව ක්‍රියා සිදුවන්නේ නැනෝ පරිමාණයෙනි. මිනිස් දේහය තුල ප්‍රෝටීන හා එවැනි ස්වාභාවික නැනෝ ප්‍රමාණයේ අණු භාවිත කරමින්, දේහයේ පද්ධති හා පද්ධති ආශ්‍රිත ජීව ක්‍රියාවලි පාලනය සිදු කරනු ලැබේ. රුධිර සංසරණ පද්ධතිය තුල ඔක්සිජන් පරිවහනය කරන හිමොග්ලොබින් ප්‍රෝටීනය නැනෝ අංශුවේ. (විශ්කම්භය නැනෝමීටර 5 ක් පමණ වේ).
(c) Shilpa Sayura Foundation 2006-2017